මට නිකන් මේ සිද්ද වෙන හැම දෙයක්ම හීනයක් වගේ දැනෙන්නෙ..ලියෝන් එහෙම මාව දාල ගියෙ කොහොමද.. එයා මොන හිතකින්ද මෙහෙම තීරණයක් ගත්තෙ.. කාගෙන් අහලද මෙහෙම දෙයක් කරේ..මම එක අතකින් වේගෙන් ගැහෙන මගෙ හදවත තියන තැන ස්පර්ශ කරගෙන සුදු පාට කොළේ මගෙ අනිත් අතට ගුලි කර ගනිද්දිම.. මගෙ උරහිසට දැනුන නංගිගෙ අතේ රස්නයත් එක්ක මම එයා දිහාට හැරිල බලද්දි.. එයාගෙ ඇස් වල කදුළු දැක්කෙ..
""නං....ගි..""
""යන්න..""
"" අහ්...""
එයා මන් දිහා බලාගෙන කියපු වචනෙත් එක්ක.. මම හන් දිහාත් නංගි දිහාත් මාරුවෙන් මාරුවට බලල නැගිටල හිටගද්දි..හන් මගේ අනිත් අතින් අල්ලගෙන හීනියට හිනා උනා...
"" යීබෝ තවම ගියෙ නෑ මල්ලි..ඔයාට තව විනාඩි විස්සක් තියෙනවා වෙලාව.. ඌව නවත්තන්න පුලුවන් ඔයාට විතරයි මල්ලි..""
ඒ කියපු වචන ටිකත් එක්ක මෙච්චර වෙලා දුකින් කෑ ගහපු මගෙ හදවතට ආයෙත් පන එන්න ගත්ත..
"" ඔයාගෙ සතුට තියෙන්නෙ එයා ලග.. ඉතින් තවත් බලන් ඉන්න එපා.. ගිහින් එයාව නවත්තන්න..""
""අනේ නංගි..""
මම එක පාරටම නංගිව බදා ගත්තෙ හිතට දැනුන සතුටට.. මෙච්චර දවස් මම හිතන් හිටියෙ නංගි යීබෝට අකමැති කියල.. අන්තිමට හැමදේම වෙනස් උනා.. මගෙ හිතට ආයෙත් බලාපොරොත්තු ගොන්නක් එකතු වෙන්න අරගෙන..හැම ප්‍රශ්නයක්ම ටික ටික විසදෙනව වගේ දැනෙනව දැන් මට....
"" කෝ ඉතින් තවත් වෙලා නෑ අයිය..යන්න ඉක්මනට..""
"" යමු මන් එක්ක මල්ලි..""
නංගිගෙ නලලට හාදුවක් දුන්න මම හන් එක්ක පිස්සුවෙන් වගේ එයාගෙ වාහනේට නැගල එහෙන් පිටත් උනේ නංගි හිනා වේගෙන අපි යන දිහා බලාන ඉද්දි..
පුලුවන් උපරිම ලෑල්ලටම පාගල හන් කාර් එක ඩ්‍රයිව් කරද්දි.. මම නොසන්සුනව ඇගිලි ගැන ගැන හිටියෙ එන්න එන්නම මට ලැබිල තියන වෙලාව පහු වෙන්න හදන නිසා...
"" ඔහ් ශිට්...""
මගෙයි ලියෝන්ගෙයි ආදරේට මොන තරම් බාදාද කියනව නම් කාර් එක මගක් දුර යද්දි කලර් ලයිට් එකට අහු උනෙ නොහිතපි විදිහට..
BINABASA MO ANG
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...