අපි ආදරේ කරන කෙනෙක් අපේ ජීවිතෙන් කැමැත්තෙන්ම ඈත් කරන්න හදන්නෙ ඇයි..? මොකද කිව්වොත් අපි මේ ලෝකෙ වැඩි පුරම ආදරේ එයාට හින්ද.. ලන් වීමෙන් දෙන්නටම හොදක් වෙන් නැත්තම්.. හොදම දේ එයාව මගෑරල ඈත් වෙලා ජීවත් වෙන එක..
ඒත් මගෙ ජීවිතේ ඊට වඩා හාත් පසින් වෙනස්.. මම මේ ලෝකෙ වැඩි පුරම ආදරේ කරේ ලියෝන්ට.. එයා නැති උනයෙන් පස්සෙ මම කාටත් ලන් වෙන්න හීනෙකින්වත් හිතලත් නෑ හිතන්නත් බෑ.. එහෙම මම කාලයක් හිතන් හිටිය.. ඒත් ඒ හැම මායිමක්ම පෙරලා දාන්න මගෙ ජීවිතේට අහම්බෙන් ආවෙ යීබෝ.. එයා ආවෙ නිකන් නෙමෙයි හැබැයි.. මගේ ලියෝන්ගෙ රූපෙ සහ එයාගෙම කටහඬත් අරගෙන..
මගෙ හිත යීබෝට ඇදිල ඇදිල යන්න ගියත් මම හැම වෙලාවකම පරිස්සම් උනා මගේ හැගීම් යටපත් කරන් ඉන්න එයා ලගදි.. ඒත් දෛවය කියන්නෙ මහ පුදුමාකාර දෙයක්.. මම එයාගෙන් ඈත් වෙන්න බැලුවට වැඩක් නෑ.. එයා මට හැම වෙලාවකම ලන් වෙනව වගේම අපි දෙන්න අහම්බෙන් හරි මුණ ගැහෙනව..
අදත් වෙලා තියෙන්නෙ එහෙම දෙයක්.. මගෙ ජීවිතේම අපායක් කරන්න හදපු තිරිසන්නු ටිකකගෙන් මාව යීබෝ බේරගෙන.. ඒත් ඒ කොහොමද..? මොනවද උනේ කියලවත් මම දන් නෑ.. මම දන්නෙ මෙච්චරයි.. මම ඇස් අරිද්දි හිටියෙ ඇඳ උඩක කියල විතරයි..
"" ඇයි ඔයා බය වෙලා වගේ..""
සෝෆාවෙන් ටිකක් ඉස්සරහට උන එයා.. වැලමිටවල් දෙක කකුල උඩ තියාගෙන මන් දිහා අදුරු මුහුණු වරකින් බලාගෙන හිටියෙ..
"" ම..ම කොහොමද මෙ..තන..ට ආවෙ..අපි මේ..කො..හෙද..ඉ..න්නෙ..""
වචන පටල පටල මම කතා කරේ බ්ලැන්කට් එක බෙල්ලට යනකන් තද කරගෙන..
"" ආව විදිහ වැඩක් නෑනෙ.. මම නිසා තමයි අද ඔයා ඔහොම ඉන්නෙ.. නැත්තම් ඉතින් මොනා වෙලාද දන් නෑ..""
ටිකක් කේන්තියෙන් වගේ එයා දත්මිටි කාගෙන කියපු විදිහට.. මට නිකන් දැනුනෙ ඒ දත් වලට මාව හපල දැම්ම වගේ හැගීමක්..
"" කෝ..කෝ...මගේ යාලුවා..""
මට එවෙලෙම වගේ මින්හාව මතක් උනේ ඒකි මන් එක්ක ක්ලබ් එකට ආපු නිසා..
"" අහ් ඔයාගෙ මහ ලොකු යාලුව හොදටම බීල වැටිල හිටියෙ.. තමන් ගැනවත් බලාගන්න බැරි අය එක්කද ඔයත් මේ ක්ලබ් ගානෙ එන්නෙ සීන්..""
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...