හරියටම දවස් දෙකක් ගෙවිල ගියා.. යීබෝව ආයෙ මම දැක්කෙත් නෑ එයා ගැන ආරන්චියක් තිබ්බෙත් නෑ.. ඇත්තටම ඒක හොදයි.. එයා දැන්වත් හිත හදාගෙන ලස්සන ජීවිතයක් ගැන හිතල නම් මට සතුටුයි..
ඉතින් දැන් මම මේ යීබෝ ගැන හිත හිත යන්නෙ වැදගත් කාරනයකට..මගෙ ජීවිතේ ගැන නෙමෙයි මේක නංගිගෙ ජීවිතේට වැදගත් දෙයක්..හ්ම් අත්තම්ම කියපු හැටියට මම ගුණ යහපත් කරුණාවන්ත කොල්ලෙක් හොයා ගත්ත.. ඒ තමයි අපි කිරි ගන්න ශොප් එකේ මුදලාලිගෙ එකම පුතා චායෙන්.
ඒ කොල්ල බැංකු නිළධාරියෙක් වගේම කාත් එක්කත් වැඩි කතා බහ නැති අහින්සක ළමයෙක් කියල තමයි මට ඒ ළමයගෙ තාත්තා කිව්වෙ..
ඉතින් මගෙ නංගිට ඊට වඩා හොද කොල්ලෙක් හොයා ගන්න නැති නිසා මම මේ ගැන කෙලින්ම ඒ කොල්ලගෙන් අහන්න හිතාගෙන මේ යන්නෙ..
"" ගුඩ්මෝනින් අයියෙ..""
"" ගුඩ්මෝනින්..කවුරුත් ගෙදර නැද්ද..""
"" නෑ...එයාල ගමනක් ගියා පාන්දරම..""
චායෙන් ළමය විතරක් ඉන්න වෙලාවෙ ගෙට ගොඩ උන එක මගේ හිතට හරි නැති ගතියක් තිබුනත්..නංගි වෙනුවෙන් මේකවත් කරන්න බැරි නම් වැඩක් නැති නිසා මම අද කොහොම හරි මේ කොල්ලව කැමති කරගන්නව කියල හිතා ගත්තා..
"" ඉදගන්න..""
අපේ එකීට වඩා මේ කොල්ල හොදයි කියල තේරුනේ කටින් පිට උන මේ වචනෙන්මයි.. වෙන ගෙවල් වල මේමද.. අපි ඉදගන්නද අහනකන් උන් ඉදගන්න කියන් නෑනෙ..
"" බොන්නෙ මොනාද අයියෙ.""
"" ඕන එකක්..""
හීනියට හිනා උන කොල්ල කිචන් එකට යද්දි.. මගෙ ඇස් ගියෙ බිත්තියෙ එල්ලල තියන පින්තූර වලට.. චායෙන්ගෙ පදක්කම් වගේම එයා ක්‍රීඩාවෙන් ගත්ත සම්මාන පවා කැබිනට් එකක් පිරින්න තියෙනවා දැක්කම මට නංගිගෙ අනාගතය ගැන පුදුම විදිහට සතුටු හිතුන..
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...