CHAPTER 👉 02

1.4K 227 140
                                    

( Nanjing - 12:00 pm)

අපි ගොඩක් ආදරේ කරපු කෙනෙක් අපිව සහදටම දාල ගිහින්.. එයාගෙ මතක ගැන හිත හිත අඬපු කෙනෙක් නම් ඔයත්.. අවුරුදු ගානකට පස්සෙ ඔයා ආදරේ කරපු කෙනා ඇස් ඉස්සරහට ආවොත්.. ඔයාට මොන වගේ හැගීමක් දැනෙයිද..? කෑ ගහල අඬන්න හිතෙනවා නේ.. එහෙම නැත්තම් පපුව පැලිල මැරෙයි.. හ්ම් දැන් මගේ හැගීමුත් ඒ වගේ තමයි..

මන් ලගට ආපු පේශන්.. එයා කිව්වෙ Wang yibo කියල එයාගෙ නම.. ඒ නම ඒ හඬ ඇහුන ගමන් මගේ ඇස් ගියේ එයා ලගට.. මගෙ අතින් පෑන ගිලිහෙද්දි.. එයා මන් දිහා සීතල බැල්මක් දාන් හිටියෙ.. මාව වෙව්ලනවා.. උණ අරගෙන වගේ මගේ ඇගම ගිනියම් වෙලා.. ඒ ඇස්, ඒ නහය, ඒ තොල්, ඔව් මේ එයාමයි.. ඒත් කොහොමද එයා ජීවත් වෙන්නෙ..

"" ලි..යෝන්..""

මට එයාගෙ නම මිමිණුනා.. ලියෝන්ගෙ පෙනුමට වඩා මෙයාගෙ පෙනුම වෙනස්.. ලියෝන් ගොඩක් පිරිසිදුව ඉන්න කෙනෙක් මෙයා මඩ නාගෙන හරිම අපිරිසිදුයි.. ඒ මදිවට කන් වලට කරාබුත් දාල.. කොණ්ඩෙත් තරමක් වවල.. හරියට රස්තියාදු කාරයෙක් වගේ..

මම ලියෝන් කියද්දිත් එයාගෙන් ප්‍රතිචාරයක් නෑ.. පුදුමයක් මූණෙන් දැක්කෙත් නෑ.. එයා මාව අදුනන්නෙ නැද්ද නැත්තම් එයා මාව දන් නෑ වගේ ඉන්නවද.. එහෙමත් නැත්තම් මේ ලියෝන් නෙමෙයිද.. කොහොමත් ලියෝන් ජීවත් වෙලා ඉන්න විදිහක් නෑ.. මගෙ ඇස් ඉස්සරහමයි එයාට එදා වෙඩි තිබ්බෙ..මෙයා කවුද එතකොට..

'" වයස කීයද..?""

"" තිහයි..""

ලියෝන්ට වඩා අවුරුද්දක් බාලයි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ලියෝන්ට වඩා අවුරුද්දක් බාලයි..හරි පුදුමයි එයා වගේම රූපෙ තියන කෙනෙක්.. එයාගෙ ඇස් මන් ලගම තියෙද්දි.. මම එයාගෙ ඇස් මග ඇරියා.. ඇයි දන් නෑ මට අපහසුවක් දැනෙන්න ගත්තෙ එයාගෙ බැල්මෙන්..

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺDonde viven las historias. Descúbrelo ahora