CHAPTER 👉 22

959 177 83
                                    

මම ඇත්තටම හිතුවෙ මන් දැන් ඉන්නෙ මැරිල කියල.. ඒත් එහෙම උනේ නෑ.. පයින්න ගිය මාව ඇදල අරන් කවුද මන්ද කෙනෙක් බිමට ඇදල දාද්දි.. මගෙ නළල ගිහින් පොළොවෙ වැදුන..

"" උබ මොනවද යකෝ දැන් කරන්න ගියෙ..""

ඒ හිටියෙ යීබෝ.. ඔව් එයා මාව හොයාගෙන ඇවිත්.. ඒත් මොකටද මේ රෑ මාව හොයන් ආවෙ.. මැරෙන්න ගියෙ මාව මොන එහෙකටද බේර ගත්තෙ..

"" කතා කරපන් සීන්..තෝ දැන් මැරෙන්නද ගියෙ..""

මගෙ ශර්ට් කොලර් එකෙන් ඇදල ගත්ත පාරට මාව ඇදිල ගිහින් ඉබේටම හිට උනා.. මාව හොල්ල හොල්ල එයා අහන දේවාල් වලට උත්තර නොදී මම බිම බලාගෙන ඉද්දි.. එයාගෙ යකා තව ඇවිස්සෙන්න ඇති කියල මට ඉවෙන් වගේ තේරුනා..

"" මැරෙන්නනෙ ගියෙ.. වරෙන්...වරෙන්..අද මමම උබව මෙතනින් පල්ලෙහාට දාන්නම්..""

මගෙ බෙල්ලෙන් අල්ලලා එයා මාව පාලමෙන් පල්ලෙහාට දාන්න හදද්දි..මම ගිරිය පුප්පගෙන කෑ ගැහුවෙ එතකොට..

"" අනේ..එපා..මාව අතාරින්න..""

මම එයාගෙ අත් දෙකෙන් අල්ලගෙන කෑ ගහද්දි..මට විටින් විට පෙවුනේ පල්ලෙහා තියන ජල කද.. මට බෑ මැරෙන්න..මට බෑ ලියෝන්ගෙ ඇස් ඉස්සරහ මෙහෙම මැරෙන්න..

"" දැන් එහෙනම් මොන ප#ටද උබ මෙතනින් පයින්න ගියෙ..""

"" මට මෙහෙම ගහන්න බයින්න ඔයාට මොන අයිතියක්ද මහත්තයො තියෙන්නෙ..""

මගෙ කට ඉස්සර වෙද්දි.. මම දැක්ක එයාගෙ ඇස් ගැස්සෙනවා.. මම ඇත්ත කතා කරද්දි එයාට රිදෙනව ඇති.. ඒත් මම කියල මොනා කරන්නද.. අපිට අපි හිමි නැත්තම් හොදම දේ ඈත් වෙන එක..

"" මොකද්ද උබ කිව්වෙ..""

"" නවත්තපන් යීබෝ...""

මට ගහන්න යීබෝ අත දික් කරද්දිම.. එයාගෙ යාලුව හන් දුවල ඇවිත් යීබෝව අල්ල ගත්තා.. මම ගොඩක් අසරණයි.. මම දන්නවා ලියෝන්ට මම කියපු වචනෙ නිසා ගොඩක් රිදුන කියල.. ඒත් මෙහෙම නැතුව කොහොමද මහත්තයො මම ඔයාව නවත්තන්නෙ..

"" අතෑරපන් යකෝ මාව..""

"" යීබෝ කූල් මචං.. ඔය කොල්ලට පාඩුවෙ ඉන්න දීල දැන් ගෙදර යමු.. මම කියන දේ අහපන්..""

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺOù les histoires vivent. Découvrez maintenant