CHAPTER 👉 27

932 188 36
                                    

( මාස හයකට පසු )

හරි ඉක්මනට කාලෙ ගෙවිල ගිහින්.. මම දැන් නිදහසේ හුස්ම ගන්නවා.. හ්ම් මේ හැමදේකටම ස්තූති කරන්න ඕන මගෙ නංගිටයි අත්තම්මටයි..එයාල දෙන්න නැත්තම් අද මම මාස හයක් වෙනව මැරිල..

ඒත් අද මම ජීවත් වෙනවා.. ගමක් වගේ ලස්සන තැනක තමයි අපේ පුංචි ගේ තියෙන්නෙ.. හතර වටේම කඳු පන්ති.. ඒ විතරක් නෙමෙයි මෙහෙ මිනිස්සු ගොවිතැන් කරන්නෙ.. ඉතින් සාරෙට පලතුරු , එළවළු වැවිල තියන කාලෙට ගමම බලන්න ලස්සනයි..

ඉතින් දැන් මගෙ නංගි ටවුමෙ රෙදි කඩේක තමා වැඩ කරන්නෙ.. එතකොට මම ගෙදර ඉදන් ගමේ මිනිස්සුන්ට බෙහෙත් කරනවා.. ඒ කිව්වෙ මම තමයි මේ ගමේ මිනිස්සුන්ව බේරගන්න ඇවිත් ඉන්න දොස්තර මහත්තය වෙලා තියෙන්නෙ..

හැබැයි මම එක දේකින් ෆේල් වෙලා.. ඒ තමයි අත්තම්මව හොද කරගන්න එක.. දැන් අත්තම්ම ඉන්නෙ ගොඩක් අමාරුවෙන්.. ඇවිද ගන්නම බැරි තත්වෙට ඇවිත් රෝද පුටුවක් උඩ ඔහේ ඉන්නව.. මට අත්තම්ම ගැනයි දුක.. මොකද නංගිට පවුලෙ කෙනෙක්ට කියල ඉන්නෙ අත්තම්ම විතරයි.. එයා නැති උන දවසට ඒකි කොහොම දුක දරා ගනීවිද..

"" අද නිවාඩු නැද්ද නංගි..""

"" නෑ අයියෙ.. තව දවස් දෙක තුනකින් විතර නිවාඩුවක් දාන්න ඕන..""

දොර කොඩට වෙලා කොණ්ඩෙ පීර පීර ඉන්න නංගි දිහා මම බලන් හිටියෙ පිලේ තිබ්බ බංකුවක ඉදගෙන..

"" හ්ම්..""

"" අයිය දැන්වත් අර ලග තියාගෙන ඉන්න සිම් එක විසි කරල දාන්න.. යීබෝ කියන පිස්සු මනුස්සය එක්ක තිබ්බ හැම මතකයක්ම අයින් කරලම දාන්න අයියෙ තේරුනාද..""

"" හ්ම් ..""

එක පාරටම පනාව මගෙ මූණට දික් කර කර නංගි මේ කියවන්නෙ මන් ලග තියෙන සිම් එක ගැන.. හ්ම් ඒක යීබෝත් දන්න නම්බර් එකක්.. ඉතින් නංගි මට පුල පුලා කිව්ව සිම් එක අයින් කරන්න කියල...ඒත් මම ලග තියාගෙන ඉන්නෙ මොන හේතුවකටද කියල මමවත් දන් නෑ..

"" මම එහෙනම් යනවා..""

ගෙට දිව්ව නංගි අත්තම්මගෙ නලලටත් හාදුවක් දීල..මටත් අත වනාගෙන යන්න යද්දි.. මම එහෙන්ම බිත්තියට ඔලුව තියාගෙන කල්පනා කරේ නංගි කියපු දේ ගැන..

𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺOù les histoires vivent. Découvrez maintenant