( Nanjing 9:30 am )
මම උදේ Clinic එකට ආවෙ නංගිගෙන් අර කොල්ලො ගැන විස්තර ටිකක් දැනගෙන.. දන්න විදිහට උන් නිතරම ඩ්‍රින්ක් එක දාන්න බීච් එකට එන්නෙ කියල නංගි නම් කිව්වෙ.. ඉතින් මාත් හිතුවෙ අද ඕකුන් එක්ක දෙකෙන් එකක් විසදගන්න..
මොකද නංගියව උන් බය කරන්න කරන්න මටත් බයයි නංගි ජීවිතේට මොකක් හරි කර ගනී කියල.. එහෙම උනොත් අත්තම්මත් එක මොහොතක් ජීවත් වෙන් නෑ.. ඉතින් මට ආයෙත් මගෙ පවුල නැති වුනා වගේ දැනෙයි එදාට.. ආයෙ මට විදවන්න බෑ.. ඒ හින්දම මම උන්ව මරාගෙන මැරෙනවා කියල හිතාගෙන මේ උදේ ඉදන් ඇඟිලි ගනින්නෙ වැඩ ඇරිල එහෙම්ම උන්ව හම්බ වෙන්න යන්න..
"" උණ දැන් දවස් කීයක් තිස්සෙද තියෙන්නෙ..""
අවුරුදු හතලිස් පහක් වයසැති අම්ම කෙනෙක් අවුරුදු පහක ගෑණු දරුවෙක්ව එක්කන් ඇවිත් හිටිය.. මන් ලගට ආපු වෙලාවෙ ඉදලත් අම්ම දරුවගෙ අතපය අතගගා අඬනවා..දරුවට වඩා අමාරුව දැනෙන්නෙ අම්මට.. ඉතින් ඒ අම්ම තමන්ගෙ දරුවට මොන තරම් ආදරේ ඇද්ද.. මෙහෙම අම්මල අද ලෝකෙ කීයෙන් කීදෙනාද ඉතිරි වෙලා ඉන්නෙ..
සමහර අම්මල දරුවන්ව අනාත නිවාස වලට බාර දීල තමන්ගෙ ලෝකෙක සැප විදිනවා.. තවත් සමහරු දරුවො දාල රට ගිහින් අනාචාරයේ යනවා..එහෙම අම්මල ඉන්න ලෝකෙක.. දරුවන් වෙනුවෙන්ම තමන්ගෙ කාලය ශ්‍රමය යොදවන අම්මල කොයි තරම් ඉන්නවද ..ඇහැක් වගේ දරුවො රැකල දීග දීල සතුටින් හිනා වෙලා කදුළු හලන අම්මල කොච්චර ඉන්නවද.. එහෙම අම්ම කෙනෙක් ලබන්න ඒ දරුවො උනත් මොන තරම් වාසනාවන්තද..
"" දවස් තුනක් ඩොක්ටර්..""
"" හ්ම් අද ලේ එකක් අරගමු අපි..අඬන්න එපා අම්ම අපි මුලින්ම බ්ලඩ් රිපෝට් එක බලල ඉමුකො..""
සුදු මැලිව හිටපු දරු පැටිය අම්මගෙ පපුවට ඔලුව තියාගෙන මන් දිහා ඒ පුංචි ඇස් වලින් බලන් ඉද්දි.. මට මතක් උනේ මගෙ දිදී මේ වයසෙ හිටපු විදිහ..මේක දැන් මට සාමාන්‍ය දෙයක් වෙලා..පොඩි දරුවෙක් දකිද්දි මට දිදීව මතක් වෙනවා..මගෙ දිදීවත් මම මෙහෙම උකුල උඩ තියාගෙන හිටපු කාලෙ.. එයා ලෙඩ උනාම එයා ලගින් හිටපු කාලෙ මැවි මැවි පෙනෙද්දි.. මම ඇස් වලින් පයින්න හදන කදුළු හංගගන්න හිතන්.. ඇස් පිය එක පිට එකපිට ගහල පාලනය කර ගන්නවා..
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...