මම බලාපොරොත්තු උනේ නෑ නංගිගෙන් මේ වගේ වචනයක්.. යීබෝ යටතෙ වැඩ කරන්න නංගි කැමති උනේ මොන එහෙකටද කියල මට කෑ ගහන්න හිතුන.. ඒත් කෙල්ල බය වෙයි කියල මම ඉවසුවා.. මේ දේවල් වලින් යීබෝ තවත් මට ලන් වෙන්න හදයි කියල හිතට පුංචි බයක් නොදැනුනාම නෙමෙයි..
"" අයිය අකමැති උනත් මට යන්න වෙනවනෙ.. මොකද දැන් අත්තම්ම ඉන්නෙ අසනීපෙන්..අත්තම්මගෙ ට්‍රීට්මන්ට් වලට පවා සල්ලි ගොඩක් ඕන වෙයි...ඒ හැමදේකටම මට බෑ අයියට වද දෙන්න.. ඉතින් ප්ලීස් අයිය තේරුම් ගන්න මාව..""
නංගි කියන කතාව ඇත්ත.. දැන් අත්තම්ම නිතර නිතර අසනීප වෙනවා.. එයාගෙ බෙහෙත් වලටම සල්ලි ගොඩක් වියදම් වෙනවා.. ඒ හැමදේම මම කරා කියමු.. ඒත් අපිට කන්න බොන්න ගමනක් බිමනක් යන්න සල්ලි ඕන කරනවා.. මට මේ හැමදේම කරන්න බැරි බව ඇත්ත.. ඒත් මම කවදාවත් හීනෙකින්වත් හිතුවෙ නෑ නංගි ලව්ව හම්බ කරගන්න..දැන් මගෙ ඉස්සරහ නංගි අඬන්න ඔන්නෙ මෙන්න වගේ කතා කරද්දි.. මට එපා කියන්නත් බෑ..
"" හ්ම් හරි..දැන් මොකද්ද එයා දුන්න ජොබ් එක.. අනික ඇයි එයා එක පාරට ඔයාට ජොබ් එකක් දෙන්න ඇහුවෙ..""
මගේ හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොටම මම උත්තර බලාපොරොත්තුවෙන් නංගි දිහා බලාගෙන හිටිය..එයා සුසුමක් පිට කරල බිම බලා ගත්තෙ කතාවට මුල පුරන්න ලෑස්ති වෙන ගමන්..
"" යීබෝ සර් මගෙන් ඇහුව ගෙදර නිකන්ද ඉන්නෙ කියල.. මම ඔව් කිව්වම.. එයා ඇහුව ජොබ් එකක් කරන්න කැමතිද කියල.. මම ඉතින් කැමති උනා එක පයින්.. ඊට පස්සෙ එයා කිව්වෙ hp company එකේ වැඩට එන්න කියල.""
නංගි කියන හැමදේම මම අහන් හිටියෙ කලකිරීමෙන් වගේ..ඒත් නංගි මේ හැමදේම නොදැන කරන්නෙ නිසා.. මම එයාගෙ තීරණයට අකමැති වෙන්න හිතුවෙ නැහැ..
'"හ්ම් හොදයි හොදයි.. ඔයාගෙ කැමැත්තක් කරන්නකො එහෙනම්..""
"" මම එහෙනම් යනවා අයිය.. තව ටිකකින් මම කෑම එක ගේන්නම්..""
මම ඔලුව වනද්දි..නංගිය මල් බොකි එක මගෙ අත උඩින් තියල පල්ලෙහාට යන්න ගියා.. එහෙම්ම මගෙ ඇස් ගියෙ මල් බොකි එකට.. ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි...ඒත් එයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ මට මේව දීල.. මල් වල පෙති අතගාන ගමන් ඉද්දි මට මැවිල පෙවුනෙ යීබෝව මුලින්ම හම්බ උන දවස..
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...