( වසර දෙකකට පසු )
කාලය ගත වෙන අරුමෙ.. මේ කාලෙ ඇතුලත අපේ ජීවිත ගොඩක් ලස්සන උනා.. මගෙයි යීබෝගෙයි වගේම නංගිගෙයි හන්ගෙයිත් එක දවසෙ පොඩියට වෙඩින් එකක් ගත්ත..ඔව් ඔව් මගෙ නංගි හන්ට අත උඩින් කැමති උනා තමයි.. මොකද හන් කියන්නෙ නරක කොල්ලෙක් නෙමේනෙ..
හන් මගෙ නංගි එක්ක ලස්සන පවුල් ජීවිතයක් බීජිං වල ගත කරද්දි..මමයි යීබෝයි වුහාන් වල පුංචි ගේක සතුටින් ජීවිතේ විදිනවා.. ඉස්සර අපි දෙන්න ගහ මරාගෙන අපේම ලස්සන අනාගතේ කා ගන්න ගියාට..දැන් මටත් වඩා යීබෝ අපෙ අනාගතේ ගැන හීන මවනවා.. මට ඇත්තටම සතුටුයි.. මොකද මම මගේ ලයිෆ් පාට්නර් විදිහට තෝරගෙන තියෙන්නෙ හරිම කෙනා නිසා..
යීබෝ එයාගෙ මමා ඩැඩා කියන ඒ මිනිස්සු දෙන්නවත් අතෑරල දැම්මෙ දාල ආවෙ නෑ.. එයාල දෙන්නවත් පුලුවන් වෙලාවකට ගිහින් යීබෝ බලල එනවා.. ඒ වගේම එයාලගෙ බිස්නස් වලින් අයින් වෙලා යීබෝ වෙනම බිස්නස් එකක් පටන් ගත්ත..
යීබෝ කැමති උනේ නෑ තව කාගෙවත් යටතෙ තවත් වැඩ කරන්න.. ඉතින් එයාට පුලුවන් විදිහට පුංචි බිස්නස් එකක් කරල මට අඩු පාඩුවක් නොකර බලාගන්නවා..
එතකොට හොදම දේ මොකද්ද දනන්නවද...? මම දැන් මගේම ගෙදර ක්ලිනික් එකක් කරගෙන යනවා.. මට උදව්වට ඉන්න හෙදිය වෙන කවුරුත් නෙමෙයි.. මගේ යලුව වගේම සහෝදරියක් උන ලුසී තමයි.. හැබැයි එකක් කියන්න ඕන එයා මට වඩා ක්ලෝස් යීබෝට..
ඒ ඇයි දන්නවද..?
ලුසීව මන් ලගට ඒ දවස් වල එවලම තියෙන්නෙ යීබෝ...ඒ කිව්වෙ ලුසී කියන්නෙ යීබෝ යටතෙ හිටපු සේවිකාවක්.. ඔය කතාව මට යීබෝ කිව්වෙ මගෙයි ඒ මෝඩයගෙයි හනිමූන් එක දවසෙමයි.. දන්නවද මම එදා කොට්ට රෙදි වලින් ඒ මෝඩයට හොදටම ගැහුව.. ඇයි අනේ මමනෙ මෙච්චර දවස් ගොනා වෙලා තියෙන්නෙ..
ඔයාල හිතුවද අපි දෙන්න ලව් බර්ඩ්ස්ල වගේ වෙලිලම ඉන්නව කියල.. පිස්සුද මෙයාල.. එයයි මමයි අතරත් ඔය චුරු චුරු රණ්ඩු එහෙම පොඩ්ඩක් යනවා.. හැබැයි ඒ හැම රණ්ඩුවක්ම උදේටයි දවල්ටයි විතරයි රෑට අපි දෙන්නම නයිට් ඩියුටි නිසා ඔක්කොම තරහ මරහ අමතකම වෙලා යනවා..
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...