එයා යන්න ගියාම මම පුටුවට කඩාගෙන වැටිල වැලහින්නක් වගේ අඬන්න ගත්තා.. කවද වෙනකන් මේ දුක මම විදින්නද.. මමද මේ දුක බදාගෙන විදවන්නෙ කියලත් වෙලාවකට හිතෙනවා..
ඔයාට ඕන ඕන වෙලාවට ඇවිත් මාව රිද්දල යනවා..
මම දන්නවා මහත්තයො ඔයාට මන් කරේ ගොඩක් ලොකු වරදක් කියල..
ඔයා නැති කාලෙත් මම නොසෑහෙන්න දුක් වින්ද..
ඔයා ඇවිල්ලත් මගෙන් පලි ගන්නවා..
කමක් නෑ මහත්තයෝ කමක් නෑ..
උබ මාව මරල දැම්මත් උබ ගැන පුංචිම හරි වෛරයක් මම ඇති කරගන් නෑ.. මොකද කවදාවත් බෑ මහත්තයො ආදරේ කරපු කෙනෙක්ට හිතකින් වෛර කරන්න..වෙව්වලන්නම උණ තිබිලත් මම සීතල හුළන් වැදි වැදි clinic එක වහල දාල ගෙදර යන්න පිටත් උනා..
සුපුරුදු පරිදි ගෙදර ආපු මගෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට මම බැලුවෙ කවුද කියල.. ඒ කෝල් එක මගේ මෝඩ යාලුවා මින්හාගෙන් කියල දැක්කම මම ඇඳෙන් ඉදගෙන ෆෝන් එක කනේ ගහගත්තා..
"" හලෝ..""
"" මචං ඉස්සල්ලම සොරි වෙන්න ඕන.. උබට නොකියම මම ගිය එකට..""
"" හ්ම් ඒකට කමක් නෑ බං..""
"" උබ මොකද අවුලින් වගේ..""
"" එහෙම මුකුත් නෑ බං..""
"" උබ මේ මටද බොරු කරන්න හදන්නෙ..""
"" මට උණ ඕයි ඒක වෙන්න ඇති උබට මගේ වෙනසක් දැනෙන්නෙ..""
"" උණ නිසා වෙන්න ඇති.. හැබැයි මට ඊට වඩා දෙයක් තේරෙනවා උබේ කටහඬින්..""
"" මොකද්ද..""
"" උබ ඇඬුවද..""
"" හයියෝ නෑ බං..""
"" හ්ම් හරි හරි මේ බෙහෙත් බීල රෙස්ට් කරපන් හරිද.. මහන්සි වෙන්න යන්න එපා ඕයි තව වැඩි වෙයි උණ..""
"" මම පරිස්සම් වෙන්නම් බං..""
"" හ්ම්.. මම මේ වැඩ කරන ගමන් කතා කරේ.. උබට පස්සෙ කෝල් එකක් දෙන්නම්කො මම..""
"" හරි බං...""
ෆෝන් එක කනේ ගහන් හිටියෙම මම බාගෙට නිදාගෙන වෙද්දි.. ෆෝන් එක පැත්තකට දාල වොශ් එකක් දාගෙන ඇඳෙන් හාන්සි වෙලා ඉද්දි.. මට මතක් වෙන්න ගත්තෙ යීබෝ මට අන්තිමට කියපු වචන ටික..
أنت تقرأ
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
أدب الهواةදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...