යීබෝගෙ මූණම කේන්තියෙන් වෙව්ලනවා දකිද්දි මට හිතුනෙම ඒ එයාට මට ගහගන්න බැරි කමටද නැත්තම් මාව මරන්න බැරි කමටද කියල..
"" ලි..යෝන්..ඔයා..""
"" ඇයි උබට පුදුමද මම ජීවත් වෙලා ඉන්නව දැක්කම..""
ඒ දරුණු වචන නිසා මගෙ හිත හොදටම පෑරුනත් මම බිම බලාගෙන එයාට වචනයක් නොකියන්න උත්සහ කරා..
"" එදා උබ මාව පාවල දුන්න..ඒකත් මගෙ ආදරේ බල්ලට දාල.. උබ හිතුව නේ මම එදා මැරුන කියල..උබට එහෙනම් වැරදිලා සීන්..උබෙ නරක වෙලාව කියන්නෙ උඩ ඉන්න කෙනා මාව බේරුව උබෙන් පලිගන්නම..""
එයාගෙ ඇස් මාව පුච්චනව දෙයියනේ.. ඉස්සර ආදරෙන් මන් දිහා බලපු ඇස් දැන් වෛරයෙන් පිරිල.. අඩු තරමෙ ඒ වචන වලවත් නෑ කිසිම නිවීමක්..
"" මම ඔයාව රැවැට්ටුවෙ නෑ මහත්තයො..""
"" සීන් උබ මගෙන් මැරුම් කන්න එපා.. තෝ හිතුවද මම බබෙක් කියල ආ.. උබ දැන් මම යීබෝ කියල හිතාගෙන පැණි පෙරාගෙන ආවෙ නැද්ද කියපන්..""
එයා යකෙක් වගේ මගෙ ඇගට කඩන් පැනල කෑ ගහපු විදිහට මාව ගැස්සිලා ගියා.. ඉස්සර ආදරෙන් කතා කරපු එයාගෙ වචන වල තිබ්බෙ නෑ කිසිම හොදක් ගෑවිලාවත්..
"" ඔයා ලියෝන්ද නැද්ද කියල මට දැන ගන්න ඕන වෙලා තිබ්බෙ මහත්තයො.. මොකද එදා ඔයාට වෙඩි තිබ්බ වෙලාවෙ වැටුනෙ මුහුදට.. ඉතින් ඔයා ලියෝන්ගෙ රූපෙන් මගෙ ඉස්සරහට ආපු දවසෙමයි මට ඔයා ගැන සැකයක් ඇති උනේ.. ඒ හින්දයි අද මම ඔයාට කැමති කියල ඔයා ගැන ඇත්ත දැන ගන්න හිතුවෙ මහත්තයො..""
මම හැමදේම එයාට දැන් කිව්වෙ ඇත්ත.. මොකද යීබෝ ගැන මට සැකයක් පහල වෙලා තිබ්බ.. ඒ කට හේතු ඉතින් ගොඩක් තියෙනවනෙ.. යීබෝ වගේ සල්ලිකාරයෙක් මන් වගේ සාමාන්‍ය ඩොක්ටර් කෙනෙක් ලගට බෙහෙත් ගන්න ආපු දවසෙම මම යීබෝව සැක කරන්න ගත්ත..එයා මට එන්න එන්න ලන් වෙද්දි මගේ සැකය එන්න එන්න වැඩි උනා..ඒ මදිවට එයා මට සීන් කියන්න ගත්ත දවසෙ ඉදන් තමයි මට හිතුනෙ යීබෝට ලන් වෙලා ඇත්ත නැත්ත දැන ගන්නවා කියල..
YOU ARE READING
𝙳𝙴𝙰𝙳 𝙷𝙴𝙰𝚁𝚃🖤[Completed]~ʸᴵᶻᴴᴬᴺ
Fanfictionදන්නවද සූරියකාන්ත මල නැහුනෙම ඉර වෙනුවෙන් වෙනකොට.. මම නැහුනෙම උබේ ආදරේ වෙනුවෙන් කියල.. දන්නවද පාර්වතී ගින්නට පේ වුනේ පතිවත රැක ගන්න උනාට.. මන් පේ වුනේ උබෙ ආදරේ රැකගන්න කියල.. විජය කුවේණියට ද්‍රෝහිකම් කළා වගේ.. උබ මට ද්‍රෝහිකම් කරද්දි.. උබ හිතුවද මමත්...