5. 11 - A

1.8K 354 86
                                    

කිරි ටොපියෙන් අතුරු ප්‍රතිඵලයක් තිබ්බෙ නෑ හැබැයි...මම බොරුවටනෙ බය වෙලා තියෙන්නෙ...
අපරාදේ අර අන්තිම කිරි ටොපිය...
මොනවා උනත් කොල්ලා කිව්ව කතාව නම් ඇත්ත...
ඒවායෙ කිරි රස යසයි...

රෑටත් කාලා මන් ලෑස්ති උනේ ඇඳුම් දෙක අයන් කරලා තියන්න කියලයි...හිතුවෙ මගෙ විකාරේ ඊයෙන් නවතියි කියලා...ඒත් දැන් නවත්වන්න ඕනෙ උනත් නවත්වන්න බෑනේ...මොකද මන් යන්නෙ සර් එක්කනෙ...එයා කුකුළා හඬලන්නත් කලින් යන්න ලෑස්තිය...එහෙව් එකේ මන් පරක්කු වුනොත් සර්ගේ වැඩ ටිකත් පාඩු වෙනවා...අනික ඉතින් මාත් දැන් ගුරුවරයෙක් නිසා වගකීමෙන් වැඩ කරන්න පුරුදු වෙන්න එපැයි...

අයන් මේසෙ ගාවට ආවට කෝ ඇඳුම් අරන් ආව එකක්යැ...දැන් නම් මගෙ සිහි කල්පනාව හොඳටෝම අඩුයි...ආයෙම ඇඳුම් දෙක අරගෙන එන්න කාමරේටම යන්න උනා...

මෙන්න...ඒ තත්පරේට මේසේ උඩ මදුරු කොයිල් පෙට්ටියක්...මට හොඳටෝම විශ්වාසයි ඇඳුම් දෙක අරන් එන්න යද්දි මෙතන මුකුත් තිබ්බෙ නෑ කියලා...

ආ...නැන්දා වෙන්න ඇති තියන්න ඇත්තෙ...මන් උදේ මදුරුවො ඉන්නවා කියලා කිව්වනෙ...මේක දකිනකල්ම මටත් මදුරු ඛේදවාචකේ ගැන මතක් උනේ නෑ කියාංකො...

ඒ පාර මදුරු කොයිල් එක පැත්තකට කරලා හැරෙන තත්පරේට අර හුදු මහත්තයා වතුර කෝප්පෙකුත් අතේ තියාගෙන නොන්ඩි ගගහා යනවා...මුගෙ කකුලට මක් වුනාද...හවසත් හොඳට ඇවිද්දනෙ...

පොඩ්ඩක් හිටහන්...ඒත් මූ කොයි වෙලාවෙද කුස්සියට ගියේ...මන් දැක්කෙ නෑනේ...
අනේ මන්දා...මූත් අද්භූතයි...මුගෙ වැඩත් අද්භූතයි...මුගෙ ගෙදරත් අද්භූතයි...

ඇඳුම් අයන් කරන ගමන් මන් මේ කල්පනා කරේ ගෙදර හිටියා නම් මේ ඔක්කොම කරලා දෙන්නෙ අම්මි නේද කියලා...ඉස්සර මන් හිතුවා අම්මිලා එක්ක ඉන්න නිසා මට කිසි නිදහසක් නෑ, කිසි සතුටක් නෑ කියලා...ඒත් ඒක එහෙම නෙමෙයි කියලා තේරෙන්න මට එයාලගෙන් ඈත් වෙන්නම උනා...
සතුට තිබ්බෙම ගෙදර අය එක්ක හිටිය තැන් වල...

"ආහ්..."

බුදු අම්මෝ මේ යකා නම්...
වෙලාවට මන් හදවත් රෝගියෙක් නොවුනෙ...
තව ටිකෙන් පරෙස්සමින් අරන් ආව ඇදුම් දෙකත් බිම...කෝප්පෙකුත් අරන් නොන්ඩි ගගහා ගිය මිනිහා දැන් මේ හාන්සි පුටුවට වෙලා නිදි කිරනවා...
ඔයාලම හිතලා බලන්නකො...තරුද නිදන මහ රෑ මදි පාඩුවට ග්‍රීස් යකෙකුත් ඉන්නවා කියන මේ ගමේ, මන් විතරක් ඇහැරලා ඉන්නවා කියලා හිතන් ගේ මැද්දෙන් යද්දි කහ පාටින් සැරසුණු කෙට්ටු ශරීරයක් දෙපැත්තට වැනි වැනි පුටුවක් උඩ හිටියම...අහවල් මණ්ඩල ටිකත් එක්කම තරු රටා පේනවනෙ යකෝ...
මූට වෙන තැන් නැතුවටද මන්දා මේ පුටුවක් උඩ නිදි කිරන්නෙ...
____________________________________________________

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now