පැලට යන්න තිබ්බෙ කුඹුරක් මැදින්...
දෙයියනේ...හුළං පාර...
බැරිද දන්නෙ නෑ මට මෙතනට ස්ථාන මාරුවක් දාගන්න...ගැහි ගැහිම ඉණිමඟ දිගේ බඩගාගෙන කොහොමහරි උඩට ගොඩ උනා...අර එව්වො තුන්දෙනා ටවුමෙන් පුංචි කේක් ගෙඩියකුයි, බීම බෝතල් දෙකකුයි, තව මොනවද මොනවද ලට්ට ලොට්ට ටිකකුයි ගෙනල්ලා...කේක් එකේ දාහත ඉලක්කමට ඉටිපන්දම් දෙකකුත් ගහලා...
පුහ්...හිනත් යනවා...
මෙව්වො මේ චණ්ඩියෝ වගේ දැඟලුවට තාම ඇටෙන් පොත්තෙන් එළියට ඇවිත් නැති බිංකුණ්ඩො ටිකක්නෙ..."නිවපං..." ඔන්න...ඔන්න පටන් ගත්තා...
විසඳයා ඉටිපන්දම් දෙක පත්තු කරලා බෙරිහන් දෙනවා...මූට ඉතින් මොකක් කරන්න ගියත් තදියම...
පුක ඉරාගෙන බෙරිහන් දෙනවා...උඹේ උපන්දිනේ නෙමෙයි මේ මුගෙ උපන්දිනේ කියලා කියන්න හිතුනත් ආයේම මොකටද ඔය පොඩි එකා එක්ක මරාගන්නෙ කියලා කරබාගෙන හිටියා...
- පුහ්හ්හ් -
සෙව්මිත් ඉටිපන්දම් ටික නිව්වා..."දැන් ඉතිං කපපං..." හිටපිය බල්ලෝ කටවහගෙන...
මූට තියෙන පෙරේතකමක්...
නිවපං, පිඹපං, කපපං ඉවරයක් නෑ මේකෙ...ඉටිපන්දම් දෙක ගළවලා පැත්තකින් තිබ්බ සෙව්මිත්, කේක් එකෙන් කෑල්ලකුත් කපලා...
"සුදු මැණිකේ...ආ..."
"ආ...එහෙමයි නේ...හරි හරි මල්ලි සුදු මැණිකෙ හංදා එකට කාපු, රීපු අපිව කැපුවානේ එහෙනං..." නෙරිල් පටන්ගද්දි,
"එකට කෑවත් බෙට්ට වෙනස් කියන්නෙ ඕකයි..." ගිහාන් කිඹුල් කඳුළු පිහිනවා...
මට කැව්ව කේක් කෑල්ලෙන්ම ඒකාටත් කටක් කවලා සුභ පැතුවා...
"තෑග්ගක් නම් ගේන්න බැරි උනා බන්...
නිවාඩුවට මහරගම ගියාම මොනවහරි අරගෙන එන්නම්..." ඇත්තටම අත් දෙක වන වන ඇවිත් අතට අත දීලා යන එක අවුල් නිසා බොක්කෙන්මයි කිව්වෙ...
YOU ARE READING
I told sunset about YOU | COMPLETED
Romanceසමන්පිච්ච සුවඳට පෙම් බැඳි, හිරු කුමාරයෙකුගෙ අහිංසක ආදර කතාව... start - 11 : 06 : 2023 end - 30 : 01 : 2024