20. ගමෙන් ලියුමක් ඇවිල්ලා

1.4K 282 167
                                    

අප්‍රේල් මාසේ අන්තිම සතිය...
මේ මාසෙත් ඉවරයි ඉතින්...මාසේ ඉවර උනාට මොකද තව මාස ගාණකටම හරියන්න වැඩ තොගයක් ඔළුවට පටවලා තමා ඒක ඉවර වෙන්න යන්නෙ...

ජූලි මාසේ සිංහල තරග තියෙනවලු...අත් අකුරු, කියවීම්, රචනා, පද්‍ය ගායනා තරග ගොඩයි...

ඉතින් මේ දවස් ටිකේ ඒවට ළමයි හොයාගන්න වෙනවා...මන් තාම හරියටම දන්නෙත් නෑනේ ඕවාට දක්ෂ ළමයි කවුද කියලා...අනික ජූලි මාසෙ වෙනකොට ප්‍රැක්ටිස් වෙලා ඉන්නත් ඕනේ නිසා දැන්ම ඒ වැඩ ටික පටන් ගත්තම අපි හැමෝටම හොඳයි...

මුලින්ම සිංහල විෂය උගන්නන අනිත් මැඩම්ලා එක්ක මේ ටික කතා කරගෙන ඉන්න ඕනේ...

එයාලා එක්ක කතා කරපුවම කිව්වෙ ගිය අවුරුදු වල තරඟ වලට ගියපු ළමයින්ව සහ තව ඒ වගේ දක්ෂතා පෙන්නපු අළුත් ළමයි ටිකත් ගෙන්නලා ඒ අතරින් ඉන්න හොඳම ළමයි ටික තෝරගමු කියලා...

පද්‍ය ගායනා තරග වලට නම් මට කරුණාසිංහ මැඩම්ව හම්බවෙන්න ‍යන්න වෙනවා...මොකද ඒ සම්බන්ධ ළමයින්ගෙ දක්ෂ්තා ගැන වැඩියෙන්ම දන්නෙ සංගීත ගුරුවරුනෙ...

මන් යද්දිත් මැඩම් බරටම වැඩ...
අපේ ස්කෝලේ කණ්ඩායම් ගායන අංශයෙන් පළාත් තරග වලට තේරිලනෙ...ඒකට ප්‍රැක්ටිස් කරවනවා...

"Excuse me මැඩම්..."

"ආ...සිහස්න සර්...එන්න එන්න ඇතුළට..." මැඩම් එක්ක මන් මීට කලින් කතා කරලා තියෙන නිසා මැඩම් දැන් මාව ටිකක් දන්නවා...ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් උනත් හරිම සුහදශීලීව ඉන්න නිසා ස්කෝලේ හැමෝම වගේ එයාට හරි ආදරෙයි...

"ළමයි...එහෙනං ඔයාලා ගිහිං පොඩි විවේකයක් එහෙම අරගෙන එන්නකො..." කියලා මැඩම් එතන හිටිය ළමයි ටිකව එළියට යැව්වා...

ඒ අස්සෙ ඉන්නවා දැකලා පුරුදු මූණකුත්...
නෙරිල්...
පොර ඉන්නවා ගිටාර් එකත් අතේ තියන්...මාව දැක්කට පස්සෙ අර ලස්සන හිනාවත් දාගෙනම...
ඒකාටත් පොඩි හිනාවක් දාගෙනම සපත්තු දෙකත් එළියෙන් ගලවලා මන් ඇතුළට යද්දි නෙරිලුත් ගිටාර් එකත් පැත්තකින් තියලා යනවා සුදු අයියෙ කියාගෙන එළියට ගියා...

"කොහොමද මැඩම් ඉතින්?..." ගිය ගමන්ම එක පාරටම ළමයෙක් ඉල්ලන්න හොඳ නෑනේ...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now