23. ප්‍රථම හාදුව

1.7K 283 167
                                    

අද විසඳට හවස පන්ති නිසා කොල්ලා ස්කෝලේ...
ඉන්න වෙලාවට හැමතිස්සෙම එල්ලෙන්න ගියාට මොකද ඒකා නැති වෙලාවට නම් ගේත් එක්ක පාළුයි...කරන්න කියලා විශේෂ වැඩකුත් නැති නිසා ඉස්තෝප්පුවෙ සැටියට ඇවිදින් නවල් එකක් කියවන්න ගත්තා...

"මේ කොල්ලට කාමරයක් අතුගාලා තියාගන්න බැරි හැටියක්..." නැන්දා විසඳගෙ කාමරේ ඉඳලා කොස්සත් උස්සගෙන ආවේ බැන බැනමයි...

"ඔය මොනවද නැන්දෙ?..." බිම තියෙන කොළ ගුලි ටික දිහා බලාන මං ඇහුවෙ...පොඩි වෙච්ච කොළ ගුලි ගොඩයි...

"ඒක තමා දරුවො...මේකා මේ චිත්‍ර ඇඳලා ඇඳලා විහික් කරලා...නහස්තිකාර වැඩමයි ඕකා ළඟ තියෙන්නෙ..."

"චිත්‍ර?...ඉතින් විසඳ කරන්නෙ චිත්‍ර නෙමෙයිනෙ නැන්දෙ..." මේ යකා කරන්නෙ සංගීත වෙච්ච කොට අහවල් දෙයකටද චිත්‍ර ඇඳ ඇඳ දඟලන්නෙ...

"ඒක නේන්නං දරුවො මාත් කල්පනා කරන්නෙ...
මේ බලන්නකො..." නැන්දා බිම වැටිලා තිබුන කොළ ගුලියක් දිග ඇරලා මගෙ අතට දුන්නා...

පිරිමි රූපයක් අඳින්න ගිහින් වැරදිලද කොහෙද...
සමහර ඒවාගේ ඒ උඩින් කුරුටු බලිත් ගාලා...
ඒ...ඒත්...පොඩ්ඩක් ඉන්න...
මේ...මේ...බැරි වෙලාවත්...විසඳ මේ මාවද අඳින්න ගිහින් තියෙන්නෙ...අනේ මන්දා...මට මේ කොල්ලා ගැන නම් තේරුම් ගන්නම බෑ...පොඩි එකෙක් වගේ වෙලාවකට...සෙව්මිත් එක්ක පුදුම ඉරිසියාවක් තියෙන්නෙ...


~

"අම්මා...අම්මා..."

"මක්කටද මයෙ කාමරේට ආවේ..." දොර රෙද්දත් පටලවගෙන ආව විසඳ ඇහුවෙ තරහින් වගේ...
ඔය මිනිහා ඉතින් කොයි වෙලාවෙද මනුස්සයෙක් වගේ උන්නෙ...හැම වෙලාවෙම බැලුවොත් නයා වගේ පුප්පගෙනමනෙ...මූ නම් නයෙක් වෙන්න ඉඳලා නැන්දගෙ කීමට මනුස්සයෙක් උන එකෙක්ද කොහෙද...

"මං ආවේ නැත්තං ඕක ආයේ හත් අවුරුද්දකට වත් අස් කෙරෙන එකක් ඇ..." නැන්දා ආයෙම කඩ කඩ හිටිය බෝංචි කරල් ටික දිහාවට හැරුණා...

"විහි කරලා තිබ්බ කඩදාහි කොළ ටිකට මක් කරාද?..."

"විහි කරලා තිබ්බ දෙයක් නම් විහික් කරලා දානවා මිසක් වෙන මක් කරන්නද බං..."

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now