අදට අපි පෙරහැර බලන්න ගිහින් හරියටම මාසයයි...හිතාගන්නත් බැරි තරම් වේගෙකින් මේ දවස්, සති ගෙවිලා ගියේ...
ඉතින් මේ ගෙවුණු දවස් වල විස්තර කියනවා නම් සුපුරුදු විදියටම මගෙයි, විසදගෙයි රණ්ඩු මැද්දෙන් තමයි ගලන් ගියේ...රණ්ඩු මැද්දෙ කිව්වට ඉතින් මන් දාහක් දේවල් වලින් ඇනුම්පද කිව්වත් විසද දැන් මට වචනයක් වත් කියන්නෙ නැහැ...ආත්තම්මා ගාවට ගිහින් අඩනවා මිසක්...ඉතින් ඒ නිසා පොඩි එකාගෙ හිත රිදෙන දේවල් නොකියා ඉන්න මාත් ගොඩක් වෙලාවට උත්සාහ කරනවා...
විසඳ ගැන කියනවා නම් ඉතින් ඌත් ඒ වගේම තමයි...කොයි තිස්සෙත් වෙන්නෙ නැති මඟුලක් ගැන කිය කිය මගෙ පස්සෙ වැටිලා ඉන්නවා...මගෙ කනත් ඒවට පුරුදු වෙලාම දැන් නම් තරහ යන්නෙම නැති තරම්...
එතකොට අර අණ්ඩපාලයෝ තුන් දෙනා ගැන කිව්වොත් එව්වොන්ගෙ කියලත් ඒ හැටි වෙනසක් නෑ...මට අර යකාව ජෝඩු කරවලා විහිළු කර කර ඉන්නවා...අර ලව් සීන් එකත් එක්ක සෙව්මිත් වැඩිය මාත් එක්කත් කතා නොකරනෙ හිටියෙ...ඒත් දැන් නම් යන්තමින් කතා කරනවා...
කලින් වගේ නෙමෙයි හැබැයි මේ මාසේට මෙව්වො හතරදෙනාගෙම වෙනසක් සිද්ද උනා...එව්වො දැන් ඉගෙනගන්න උනන්දුයි...සමහරදාට අරුන් තුන් දෙනා පාඩම් කරන්න මෙහෙ එනවා නැත්තම් අපේ එකා එව්වොන්ගෙ ගෙවල් වලට යනවා...මාවත් එක්කන් යන්න මේකාගේ ලෑස්තිය...ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට අර එව්වො තුන්දෙනා තමයි මෙහෙ එන්නෙ...
අද ඉරිදා පන්සලේ පන්ති දවස...
පන්තිය ඉවර කරලා දොරත් වහන් අපි දෙන්නා එළියට ආවා...
අරුන් තුන්දෙනා කලින්ම ගිහින්...එව්වො හිතන්නෙ අපි දෙන්නව තනි කරාම මන් මේකා එක්ක යාළු වෙලා, ඌව කසාද බදීවි කියලා...
හහ්...පව් ඉතින්...
පොඩි එව්වොන්ගෙ හිච්චි ආසාව නිසා මාත් මුකුත් කියන්නෙ නෑ දැන්...ඉතින් අපි දෙන්නා හෙමීට හෙමීට ඉස්සරහට ඇවිදන් එද්දි මට ඇහුණා සද්දයක්...හරියට පුංචි බලු පැටියෙක් අඩනවා වගේ...
"විසඳ බලු පැටියෙක් අඬන සද්දයක් ඇහෙනවා නේද..."
"හ්ම්..." මන් අච්චර උනන්දුවෙන් අහද්දි මේකා ගානක් වත් නැතුව හ්ම්ලු...
YOU ARE READING
I told sunset about YOU | COMPLETED
Romanceසමන්පිච්ච සුවඳට පෙම් බැඳි, හිරු කුමාරයෙකුගෙ අහිංසක ආදර කතාව... start - 11 : 06 : 2023 end - 30 : 01 : 2024