12. ක්‍රීම් බනිස්

1.4K 328 84
                                    

"ඔ...ඔය මක් වෙලාද පොඩි මහත්තයො..." කොස් ගෙඩියකුත් උස්සගෙන ගේ ඇතුළට අඩිය තියමින් උන්න ආත්තම්මට මනුස්ස කමට හිනා උනේ...
පපුවටත් අත තියාගත්ත ආත්තම්මා මන් දිහා බලාගෙන උන්නෙ බයවෙලා වගේ...
ඇයි දෙයියනේ මන් හිනා වෙද්දි ඒ තරමට කැතද...

"ඇයි ආත්තම්මෙ..."

"ඔය කටට මක් වෙලාද...දම්ම දම් පාටයි..."

"ආහ්...මේ සෙව්මිත් මලයා දං මල්ලක් දුන්නනෙ...
ආත්තම්මටත් ඕනේද..." දං මල්ලත් දික් කරලා, දත් තිස් දෙකම දාලා හිනාවෙලා ඇහුවම ආත්තම්මා ඔළුව වනලා එපා කියලා යන්න ගියේ nervous හිනාවකුත් දාගෙනම...
________________________

"කොහෙද යන්නෙ..." බඩකඩිත්තුව ගාවට යමින් උන්න විසඳ දැකලා මන් කතා කරේ...

"....." ම්හ්ක්...ප්‍රතිචාරයක් නොමැත...
පසුව අමතන්න වෙයි වගේ...

"සුදු මහත්තයා මේ අයියා කතාකරා ඇහුනෙ නෑ?..."

ගේ ඇතුළෙ ඉඳලා ආව නැන්දා ඇහුවම ,

"ඇහුනා..."

"එහෙනං කඩාගෙන යන්න හැදුවෙ?..." නැන්දටත් ප්‍රතිචාරයක් නොමැත...

ස්ටෑන්ඩ් එකත් කකුලෙන් අයින් කරගෙන බයිසිකලේ හරවගත්තට පස්සෙ ,

"කඩේට යන්නෙ..." අනිත් මිනිස්සු වචන වලින් කතා කරද්දි මූ වචන වලින් ගහනවා...

"මාත් එන්නද?..." පොඩ්ඩක් හිරි ඇර ගන්නත් එක්ක එළියට පහළියට බහින්න ආසාවෙන් මන් ඇහුවෙ...

"ඒ මක්කටද?..."

"කම්මැළි නිසා..."

"එපා..." මූ එපා ගාන්නෙ හරියට මූ මාව වඩාගෙන යනවා වගේනේ...හිටපන්කො දෙන්න වැඩක්...
අනුකම්පා සහගත පෙනුමක් ආරුඪ කරගෙන නැන්දා දිහාවට හැරුණෙ...ඇස් දෙකත් ඩින්ගිත්තක් බර කරලා, කටත් පොඩිත්තක් බෙරි කරගත්තා...

"සුදු මහත්තයා..."

"හා හා එනවා..." අරූ නිකං ඕනාවට එපාවට වගේ කතා කරේ...ඇද්ද තොට...ආවා මෙතන මේ සිහස්න එක්ක හැප්පෙන්න...

"උඹට ආයේම වැඩිහිටියෙක්ට කතා කරන හැටි උගන්වන්න වෙයි වගේ..." වැඩක් නෑ නැන්දා...ඕකා හොඳ හෝටලෙකින් කෑව දකට තමා අමතක නොවෙන්නම ඔය පාඩම ඉගෙන ගන්නෙ...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now