සිංහල තරඟ නිසා උදේ ඉඳලම වැඩ...
තාම නාම ලේඛනේ ලකුණු කරන්න වත් යන්න බැරි උනා...ඒ වැඩ අස්සෙ එහෙන් කවුද එකෙක් දොරට තට්ටු කරනවා...එකම යුද්ධයක් මෙතන...
ඉතින් ඔළුව උස්සලා බැලුවම පොඩි ළමයෙක් ඇවිත් හිටියා..."සිහස්න සර්...විදානආරච්චි සර්, සර්ට අර පරණ ක්රීඩා භාණ්ඩ කාමරේට එන්න කීවා..." පරණ ක්රීඩා භාණ්ඩ කාමරේට...ඒ මොකටද...ඔන්න අළුත් එකට කතා කරා නම් හිතන්න තිබ්බා බැඩ්මින්ට්න් පාරක් වත් ගහන්න කියලා...එහෙමත් නෑනේ අර පරණ ගබඩාවෙ තියෙන්නෙ දැකුළු මල් ටිකක් විතරයි...
"මොකටද කියලා කිව්වෙ නැද්ද පුතේ?..."
"නැහැ සර්..."
"හරි මන් එන්නම්...ඔයා යන්න..."
සර් එහෙම අවේලාවල් වල කතා කරන්නෙ නැහැ...
එහෙම කතා කරනවා නම් අනිවාරෙන් ඒක හදිස්සි රාජකාරියක්...සර්ගෙ පුතාව රස්තියාදු කෙරෙව්වට සර්ව රස්තියාදු කරන්න බෑනේ...ඉතින් පොත් ටිකත් වහලා දාලා නැගිට්ටෙ විදානආරච්චි සර්ව හම්බවෙන්න යන්න හිතාන...- ටොක්...ටොක්...ටොක්... -
දොර වහලා තිබුණු නිසා ඇවිදින් දොරට තඩිබාන්න ගත්තෙ...
"විදානආරච්චි සර්..."
සර්ගෙන් ප්රතිචාරයක් නැති උනාට එක පාරට දඩ බඩාස් ගාලා මොනවද පෙරළෙන සද්දයක් ඇහුනා...
සර්ට මන් කතා කරනවා ඇහෙන්නෙ නැද්ද දන්නෙ නැහැ..."සර්..."
"සර් ඉන්නවද?..." දොරේ හැන්ඩ්ල් එකට අත තියාගෙන කරකව කරකව ඉද්දි එකපාරට දොර ඇරුණා...මන් කිව්වෙ සර් ඇතුළෙ ඇති...කලින් මන් කතා කරනවා ඇහෙන්නෙ නැතුව ඇති...
නැත්තම් කවදාවත් සර් මාව එළියෙ තියලා එහෙම දොර වහන් ඉන්නෙ නැහැ..."කවුරුත් ඉන්නවද?..." දොර ඇරුණට මොකද සර් තියා, හූනෙක්ගෙ චුක් චුක් සද්දයක් වත් නැහැ...අර පොඩි එකා මගෙන් ගුටිකාපු පළියක් වත් ගන්න ඇවිත් පචයක් වත් අත ඇරියද...
"ආ..." හෙමින් හෙමින් ඇතුළට අඩිය තියද්දි කවුද වනචරයෙක් ඇවිත් පිටිපස්සෙන් බදාගත්ත නිසා බය උනු පාර මුලින් කෑ ගැහුවට මන් හැදුවෙ පස්සෙ හොඳවයින් එකක් දෙන්න...ඒත් ඊට කළින්
YOU ARE READING
I told sunset about YOU | COMPLETED
Romanceසමන්පිච්ච සුවඳට පෙම් බැඳි, හිරු කුමාරයෙකුගෙ අහිංසක ආදර කතාව... start - 11 : 06 : 2023 end - 30 : 01 : 2024