6. ළමයි මල් වගේ

1.6K 324 63
                                    

අද නම් හරිම මහන්සි දවසක්...
මන් හිතුවට වඩා මහන්සියක් දැනෙනවා...
හැබැයි ඒ මහන්සියත් අමතක කරවන්න පුළුවන් එව්වොන්ට...ඔව් එව්වොන්ට පුළුවන්...
ළමයි...ළමයි ඇත්තටම මල් තමයි...

අදත් අර යකාට හවස පන්ති...
ඉතින් බයවෙන්න, හදිසිවෙන්න කාරණා කොයින්ද...
නාන කාමරෙන් හෙමි හෙමියෙ නා ගන්න පුළුවන්...

හැබැයි තව නොබෝ දිනකින් නැවතත් මහා ජල යුද්ධය ඇරඹේවි...ඒ කිමද යත් මටත් බ්‍රහස්පතින්දා ඉඳලා හවස් පන්ති කෙරුවාව පටන් ගන්නවානෙ...
ඉතින් එතකොට මට එන්න වෙන්නෙත් අර පොඩි පගයා එන වෙලාවටමයි...

මට නම් පන්ති තියෙන්නෙ බ්‍රහස්පතින්දයි, සිකුරාදයි විතරයි...තාම නවය වසරට හවස පන්ති කරන්නෙ නැහැලු...ඒ නිසා දහය වසරටයි, එකොළහ වසරටයි විතරයි පන්ති තියෙන්නෙ...

අමාරුම වැඩේ කියන්නෙ පන්ති දෙකම එකට දාලාලුනේ කරන්න ඕනේ...
එක පන්තියක් හාම්බාන් කරන්නෙත් බොහොම අමාරුවෙන්...දැන් ඉතින් කරපියකො දෙකක්...
හිතනකොටත් ඇඟ හිරිවැටෙනවා...

හිතහන්කො...අර ඇටයා මගෙ මිනිහා වගේ සුදු මැණික ගගා පස්සෙන් එද්දි,
නෙල්ලියා හැමතිස්සෙම මාව අවුස්සන්න හදද්දි,
අර යකා නිසා මගෙ ලේ පිච්චෙද්දි,
ඒකටම හරියන්න තව වසවර්ති මාරයෝ ටිකක් එව්වොන්ට එකතු වෙලා ඉද්දි,
ඔය පන්තිය කොහොමට හිටීවිද...

පුරුදු සෑම්පලේටම වැඩ ටික ඔක්කොම ඉවර කරලා තිබ්බ මහන්සියටත් එක්කම දැම්මා පොඩි ඇලට් එකක්...නැගිටිද්දි පහයි හතලිස් පහට විතර ඇති...

එක දවසක් මම දවාලක නිදාගෙන ඇහැරිලා අම්මිගෙන් වෙලාව ඇහුවම හතයි දහයලු...
මන් නැගිටලා පටගාලා දිව්වා වෙලාව බලන්න...

සිරා නේන්නම්...වෙලාව හතයි දහය වෙලත් මෙයාලා මාව ස්කෝලෙ යන්න ඇහැරුවෙ නැහැ...
ක්‍රස් එක නිසා මන් ඒ දවස් වල ස්කෝලෙ ගියෙත් හරි ආසාවෙන්...ඉතින් අනේ එහෙව් එකේ මෙයාලා මාව ඇහරෙව්වෙ නැති එක,

වැරදි නැද්ද...
මගෙ තරහ සාධාරණ නැද්ද...
ඔයාලට උනොත් තරහ යන්නෙ නැද්ද...

ඉතින් මාත් ඒ තරහෙන්ම,

"ඇයි අම්මි මාව ඇහැරුවෙ නැත්තෙ?"

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now