ඉතින් කතා උනු විදියට ස්කෝලේ ඉවර උනාට පස්සෙ මන් ගේට්ටුව ළඟට වෙලා හිටියෙ අර යකා එනකන්...
හරි හරි ඔය එන්නෙ පාග පාග...
ඇවිත් මන් ළඟින් නතර කරා..."නගිනවා..."
"බෑ...බෑ...මෙතන ගොඩක් අය ඉන්නවා...
ටිකක් ඈතට ගිහින් නගින්නම්..." ඒ පාර ඌත් බයිසිකලෙන් බැහැලා ඒක තල්ලු කරගෙන ඉස්සරහට ගියා...මේ හිටපන් මිනිහො...මේ යකාට කිව්වෙ මිනිස්සු ටිකක් අඩු උනාම නගින්නම් කියලා...ඒත් මේ පරයා යනවා හැටට හැටේ අර බඩකඩිත්තුවත් තල්ලු කරගෙනම...
"ඕයී...විසඳ..." ඒ පාර ඌ හැරිලා බැලුවා මන් දිහා...
"දැන් බයිසිකලෙන් යමු මිනිහො..."
"කලින් බෑ කීවෙ..."
"බෑ කියලද ඇටයො ඒ කිව්වෙ..."
ඉස්සරහට ඇවිදගෙන ගිහින් හැන්ඩ්ල් එකේ තිබ්බ උගෙ අත අයින් කරලා බයිසිකල් පොල්ලෙ ඉඳගන්න ලෑස්ති උනේ...
"ඔහොම ඉන්නවා මං නැගගන්නකං..."
මොන පිස්සෙක්ද මේ වගේ බැල්මක් දීලා, මාව පැත්තකට කරගෙනම ඌ බයිසිකලේට නැගගත්තා...
මාත් ඉඳගත්තට පස්සෙ හෙමීට පාගන්න ගත්තා..."ඔය සිරි මාමගෙ කඩේ ගාවින් නතර කරනවකො...
තමුසෙගෙ දොළදුක යවන්නත් එපැයි..." නැත්තම් ඉතින් මාව කන්න හදයි අදත් බොරු පොරොන්දු දුන්නා කියලා..."ඔය මක්කද?..."
මන් අරගෙන ආව මල්ල දිහා ඇහිබැමි දෙකත් පූට්ටු කරගෙන ඌ බලාගෙන හිටියෙ...
"තමුසෙගෙ බත් ඩිංග..." ඒක කිව්වම බලන්න එපැයි මුගෙ හිනාව...බත් කවනවට මූ මෙච්චරම ආසද...
"බොගෙ කපටිකම..."
මන් උගෙ නහය පොඩ්ඩක් මිරිකුවම ඌත් ඉන්නවා නහය දික් කරගෙන...
හිටපියකො කරන්න වැඩක්...මිරිකගෙන උන්නු නහයට දුන්නා පොඩි ටොක් එකක්...දුන්න පාරට ඒකා ගැස්සිලා ගිහින් මට ඔරවන්න ගත්තා...ඇද්ද තොට...ආවා මෙතන කෝළම් නටන්න...
යන්තම් පැල ගාවට ආවා...තට්ටම් දෙක තැළිලා, පොඩි වෙලා ඇති මේ පොල්ල උඩ තෙරපුන තෙරපිල්ලට...
YOU ARE READING
I told sunset about YOU | COMPLETED
Romanceසමන්පිච්ච සුවඳට පෙම් බැඳි, හිරු කුමාරයෙකුගෙ අහිංසක ආදර කතාව... start - 11 : 06 : 2023 end - 30 : 01 : 2024