වෙහෙසකර සතියක අවසානය...
උදේ, දවල් වරු දෙකත් ඉවර කරලා මේ ඇවිත් ඉන්නෙ හවස පන්තියෙත් අග භාගෙට...
අද සිකුරාදනෙ...
ඉතින් අද හවස පන්තිය කරන්නෙ තිබුණෙ එකොළහ වසරට..."මේ අහපල්ලකො...
සඳුදා පන්තිය ගැන කතා කරගන්න වෙන නිසා අපිට සිද්ධ වෙනවා අද පන්තිය පැය භාගෙකට කලින් ඉවර කරන්න...කෝ...දැන් මොනවද ඔයාලගෙ අදහස් පන්තිය ගැන...
ම්ම්...හැබැයි ළමයි...එක්කෙනෙක් කැමති උනත් මන් පන්තිය කරනවා...""අපි නම් මනාපයි සර්..." නිසංසලා අතකුත් උස්සලා කියද්දි,
"අපි නෙමෙයි උඹ කියපං...උඹ විතරනෙ තාම මනාප..." B පන්තියෙ කාඩයා ඒ කියන්නෙ සුපුන්, අර ළමයා කැමති කිව්වට පස්සෙ ඌ බෙරිහන් දෙන්න ගත්තා...
"ඒ කියන්නෙ තමුසෙ කැමති නෑ කියලද?..." ඒකෙන් මේකෙන් ඌ කියන්නෙ ඒකනෙ ඉතින්...ඒ නිසා මන් ඌ ළඟටත් ගිහින් අහද්දි,
"සර් උගන්නනවා නම් ඉතිං හැමදාම උනත් පන්ති තිබ්බට කාරි නෑ..." පෙනේද ඉතින්...A, B කියලා නෑ දෙකේම ඉන්නෙ මනමාල කුකුළො ටිකක්...උන්ට මනමාලකම් කරන්න ගෑනියෙක්ද, පිරිමියෙක්ද කියලා නෑ...
"අනේ මේ විහිළු නවත්තලා මේක ගැන කතා කරපන්...දැන් කොහෙද අපි පන්තිය තියන්නෙ?..." පන්තියක් තියන්න ඕනෙයි කියලා හිතුවට පන්තිය තියන්න ඕනේ කොහෙද කියලා හිතුවෙ නෑනේ...
"අපේ ගෙදර තියමු..." විසද පැනලා උත්තර දුන්නා...
"ඉඩ ඇති වෙයිද?..." අඩුම ළමයි තිහක් වත් ආවොත්...වත්ත ලොකු නිසා ඉඩ නම් ඇති වෙයි හැබැයි...නැන්දයි, සර්රුයි අකමැති වෙන එකකුත් නැහැ...
"අස්ඩ්ෆ්ඝ්ජ්ක්ල්..."
"ආහ්...ඇහෙන්නෙ නෑ හයියෙන් කියනවකො..."
ඇහ්...ඒ කිව්වත් මූ මොනවද කියවනවා මෙලෝ මගුලක් ඇහෙන්නෙ නෑ මට...ගෙදර තියමු කියලා සද්දෙට කියපු එකා දැන් හෙමිහිට මුමුණනවා...
ඉතින් මන් ළඟට ගිහින් ඇහුවා මොනවද කියන්නෙ කියලා..."වත්තෙ පිටිපස්සෙ ඉඩ ඇතිවෙයි..."
"ආ...එහෙනම් හැ..." මන් කියන්න ගිය එකත් නතර උනේ අර මොට්ට දිගංචියා මට ඉස්සරහට යන්න බැරි වෙන්න හරහට උගෙ බෝංචි කකුල දික් කරපු නිසා...
YOU ARE READING
I told sunset about YOU | COMPLETED
Romanceසමන්පිච්ච සුවඳට පෙම් බැඳි, හිරු කුමාරයෙකුගෙ අහිංසක ආදර කතාව... start - 11 : 06 : 2023 end - 30 : 01 : 2024