44. මගේ විසඳ

1.3K 270 358
                                    

එදායින් පස්සෙ මට විසඳ එක්ක කතා කරන්න හම්බුනේ නැහැ...එයා කතා කරන්න ආවෙත් නැහැ...
මන් කතා කරන්න ගියෙත් නැහැ...
ඒත් මන් බලාන හිටියෙ නැහැ කියන්න බැහැ මන් බලාන හිටියා...කලින් වගේම එයා මාත් එක්ක වචනයක් හරි කතා කරන්න එනකලින්...බලෙන් හරි...ඒත් එයා ආවෙ නැහැ...

අද ඉරිදා...පන්සලේ පන්ති දවස...
දැන් විසඳට ගොඩක් දුරට ඇවිදින්න පුළුවන්...ඒ නිසා නැන්දයි, සර්රුයි විසඳටත් පන්ති යන්න අවසර දුන්නා...ඒත් තනියම යන්න නෙමෙයි...සර් එක්කලා කාර් එකේම යන්න...

කලින් දවස් ටිකේ වගේම එයා ඉස්සරහා සීට් එකෙන් ඉඳගත්තා...මාව අඳුරන්නෙ නැති කෙනෙක් ගානට...
මට දුක නෑ...මට පුදුමයි...
මගෙ විසඳද මේ...

කාර් එකෙන් බැහැලා හෝල් එකට යද්දිත් මන් තනියම ඉස්සරහෙන් එද්දි එයා තනියම පිටිපස්සෙන් ආවා...
එයා බැලුවෙ නැහැ එයාගෙ මැණිකෙ දිහා...
එයා ඇහුවෙ නැහැ එයාගෙ පිච්ච මල කොහොමද තනියම යන්නෙ කියලා...
මට දුක නෑ...මට පුදුමයි...
මගෙ විසඳද කියලා වත් හිතාගන්න බැරි තරමට එයා වෙනස් වෙලා...

එන්න ඕනෙවට ආවා මිසක් අද පන්තිය කරන්න නම් හිතක් තිබුණෙම නැහැ...
ඒත් මගෙ හිතේ අමාරුකම් වලට මේ ළමයි පලි නෑනේ...එව්වොන්ගෙ විභාගෙ කට උඩ...
ඉතින් මට සිද්ද වෙනවා මගෙ පෞද්ගලික ප්‍රශ්න පස්සට දාලා මගෙ ළමයිට මුල් තැන දෙන්න...
අපි යද්දිත් හෝල් එක ඇරලා...
පිරිමි ළමයි හත්, අට දෙනෙක්ම ඇවිත් උන්නෙ අපෙ මැර කල්ලියෙ තුන් දෙනත් එක්කලා...

සමහර දේවල් කොහොම කොයි විදියට වෙනස් උනත් සමහර දේවල් තාමත් එහෙම්මයි...
ඔව් මගෙ විසඳගෙ සමහර පුරුදු තාමත් එහෙම්මයි...
වෙනදා වගේම අදත් එයා ඇවිත් ඉඳගත්තෙ ඉස්සරහම පෝළීමේ...විසඳ නිසා අර එව්වොන්ටත් අකමැත්තෙන් උනත් ඉස්සරහා පේළියට එන්න උනා...
මෙව්වොන්ගෙ මූණවල් දැක්කම මට තවත් කලකිරෙනවා...වෙනදට කට කනේ තියන් හිනාවෙන ගිහාන් අද මට රවනවා, රවනවා ඉවරයක් නැහැ...
මන් දන්නවා ඌ සාධාරණයි...ඒ උගෙ යාළුවා...
නෙරිලුයි, සෙව්මිතුයි ලොකු බර කයියක...
විසඳ සාහිත්‍යය පොත කියවනවා...
මන් කොච්චරවත් එයා දිහා බලන් හිටියට එයා එක වතාවක් වත් මගේ දිහා බැලුවෙ නැහැ...
වෙනදට මන් බලන තත්පරේට මගේ දිහාවට හැරෙන මගෙ විසඳද මේ...
මට දුක නෑ...මට පුදුමයි...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now