68. I told sunset about you

2.2K 245 421
                                    

වත්ත පිටිපස්සෙ තිබුනු සමන්පිච්ච වැල දිහාවට ගෑටූවෙ පහන තියන්න මල් වට්ටිය ලැහැස්ති කරගන්න හිතාන...මොන මල්ද...මල් සුවඳ පරලා නහය කඩාන යන කුනු ගන්දස්කාරේ...මල් කූඩෙත් පැත්තක දාලා මං පිට කුස්සියට එබිලා බැලුවෙ ඒක අස්සෙ සතෙක් වත් මැරිලද කියලයි...

මං යද්දි විසඳ දෙකට නැවීගෙන ලිප ගාව මොනවද කරනවා...මූ අළුත් නර්ථන විලාසයක් වත් හොයාගෙනද...කළුවර වැටිලා හන්දා මුකුත් පේන්නෙත් නැහැ...ගඳ එන්නෙත් පොර ගාවින්...ඉතිං මං ලයිට් එකත් දාගෙනම ඌ ගාවට ළං උනේ පුකත් උඩ දාගෙන මොනවද කරන්නෙ කියලා බලන්න...

ලයිට් එක දැම්ම පාර මං ළඟට යන්නත් කලියෙන් විසඳම මගෙ දිහාවට හැරුණා...ඒකාගෙ අතක මොකක්ද මුට්ටියක්...අනිත් අත ගොම කොළ පාටයි...

"ව්...විසඳ මොන ජරාවක්ද ඔය අතේ උලාගෙන ඉන්නෙ..."

"බලනවකො ගඳ..." මේකාට නහයක් නැද්ද මන්දා...කිසි ගානක් නැතුව ඉන්නවා...

"ගොම වතුර බං...අම්මා කීවා ගොම ඩිංගක් ලිපේ අතුල්ලන්න..." ඒක කියලා ඉවර කරන්නත් කලියෙන් කොල්ලා නළල පිට අල්ලෙන් අතුල්ල අතුල්ල කහගන්න පුදුම ගේමක් දුන්නෙ...මදුරුවෙක් කාලද කොහෙද...හවස පහෙන් පස්සෙ එළි පෙහෙළියෙ ඉන්නවා කියන්නෙ කරන්න අමාරු දෙයක් නෙමෙයි කරන්න බැරි දෙයක්...මදුරුවො වැහි වැහැලා...

පව්නෙ ඉතිං...ගොම් බෙටි උලාගෙන උන්නත් මයෙ මිනිහනෙ...ඒකාගෙ අත පහළට කරලා ඩිංගක් කසලා දුන්නා...

"තමුසෙ නම්..." කරොත් කරන්නෙ අසික්කිත වැඩක්මනෙ...අසමත්ජාති දඬුලේනා...

මාත් ඉතිං මුගෙ හැටි දන්නෙ නැති ගානට අස්සටම ගියානෙ...මේ බෙට්ටා මගෙ නාස් මුල්ලෙන් හාදුවක් තියලා අර ගොම් බෙටි බිංදුවක් ගෑවේ නැද්ද මගෙ කම්මුලෙ...

කිස් කන්නම උරැස්සට පාරක් දීලා මං එන්න හැරුණෙ අරකගෙ කින්ඩි හිනාව මැද්දෙ...ආයේ නම් කතා ඕනෙත් නෑ කියලා හිතුවට දොර ගාවට ආවට පස්සෙ ආයෙම කාරණයක් මතක් උනායින් විසඳගෙ දිහාවට හැරුණා...

"ඕක උලලා හොඳට නාගෙන වරෙං...
එහෙම නැතුව නං මං ගාව නිදාගන්න ලැහැස්ති වෙන්න එපා පුතෝ..."

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now