අද හවස පන්ති තිබුණනෙ...ඒකත් ඉවර වෙලා අපි පස් දෙනාම එකට පයින් ආවේ...
පයින් ආවේ කිව්වට මායි, විසදයි, සෙව්මිතුයි නිසා අර එව්වො දෙන්නටත් බයිසිකලේ තල්ලු කරන් අපි එක්කම ගාටන්න උනා...
ගිහාන් ඉස්සරහින්ම යද්දි නෙරිලුයි, සෙව්මිතුයි මොනවද කියව කියව ඒ පස්සෙන් යනවා...
ඒ උනාට විසද නම් කිව්වා එව්වො තුන් දෙනාට බයිසිකලේ යන්න කමක්නෑ කියලා...ඒත් මන් එව්වො තුන් දෙනාවත් තියාගත්තා...නැත්තම් කවුරුවත් නැති වෙලාවට මේකා වැඩියෙනුත් එක්ක මගෙ ඇගේ ඇලෙන්න එනවා...
දැනුත් ඒ වගේ තමයි ඉතින්
අර එව්වො ඉන්නවා නේද...
එව්වො මගෙ යාළුවෝ නේද...
දැක්කොත් හිනා වේවි නේද...කියලා නෑ මගෙ උරැස්සෙ ඒ උරැස්ස අතුල්ල අතුල්ල ගොළුබල්ලෙක් වගේ ගාටනවා...
මට වේගෙන් යන්න දෙන්නෙත් නෑ...
ඒ අස්සෙ කියවන්නෙත් මෙලෝ මනුස්සයෙකුට අහන් ඉන්න පුළුවන් දේවල් නම් නෙමෙයි...
ඉතින් මේකාගෙ කයිවාරුව අහන් ඉන්න බැරි නිසා මන් පටන්ගත්තා කතාවක්..."හෙට දිනුවොත් මන් තෑග්ගක් දෙනවා..." ඇවිදන් යන අතරෙම මන් එහෙම කියද්දි එයා ගමනත් නවත්තලා මගේ දිහාවට හැරුණා...
"හාද්දක්ද?..." හහ්...මේකා බලපල්ලකො...
අකමැත්තෙන් දෙන්න ඕනේ නෑ නෑ ගෑවට එන්නෙම ඒවාට...දෙනවා මන් බොට හාද්දක් පුපට..."ම්හ්...දිනුවට පස්සෙම බලමුකො..." පුපට දෙන්නම් කිව්වොත් හා කියලා මේකා පුප දික් කරයි...මන් දන්නෙ නැද්ද මේ අසමත්ජාති දඩුලේනාගෙ වැඩ...
ඉතින් නිකන් බොරුවට ඕවා කියන්න ගිහින් රතු වෙන්න ඕනේ නැහැනෙ...
ඒ නිසා මන් නැහැ කියලා අහිංසක උත්තරයක් දුන්නා..."එහෙනං ඉතිං හෙටම කියන්න තිබ්බනෙ..." හහ්...හොඳ වැඩේ...පොඩි එකා ඇවිස්සිලා...
ඉස්සරහට යන්න ගිය මාවත් එයාගෙ සුළැගිල්ලෙන් මගෙ සුළැගිල්ල පටලවලා නවත්තගත්තා...~
- ටොක්...ටොක්...ටොක්... -
ආෂ්...නියුටෙලා බෝතල් වැස්සක ගිලිලා ඒවා එකතු කර කර හිටිය මාව උඩ ගිහින් ඇහැරුණේ කවුද එකෙක් දොරට තට්ටු කරනවා ඇහුණ නිසා...
ආ...මේ අවේලාවෙ සර්ව බලධාරියව ඇහැරවන්න තරම් කවුද එඩිතර උනේ...
කවුරු උනත් කමක්නෑ මේ කරපු අසික්කිත වැඩේට නම් දෙනවා හොඳ පෝරියල් එකක්...
YOU ARE READING
I told sunset about YOU | COMPLETED
Romanceසමන්පිච්ච සුවඳට පෙම් බැඳි, හිරු කුමාරයෙකුගෙ අහිංසක ආදර කතාව... start - 11 : 06 : 2023 end - 30 : 01 : 2024