3. වැව් පඩිය

3.6K 369 73
                                    

ෂර්ට් එක ගලවලා පනින්න යද්දි අන්න අර කිඹුල් පතයා මූණත් රතු කරගෙන මගේ දිහා බලන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ෂර්ට් එක ගලවලා පනින්න යද්දි අන්න අර කිඹුල් පතයා මූණත් රතු කරගෙන මගේ දිහා බලන් ඉන්නවා...පැන්න පාරට මුගෙ ඔළුව වැදිලා සිහිය වත් විකල් වෙලාද...විකල් වෙන්න තරම් නම් සිහියක් ඇත්තෙ නෑ තමයි...

කොහොමහරි මේ යකාව යථා තත්වයට ගන්න එපැයි...ඉතින් හුදු මහත්තයව යථා තත්වයට ගන්න හිතාන පඩියට අඩිය තිබ්බෙ...

"ආහ්..." දබොක් ගාලා ඒ පඩිය උඩම පතබෑවුනෙ කලින් තිබ්බ වේදනාව දෙගුණ, තෙගුණ වෙද්දි...

එකෙක් කිව්වෙ නෑනේ මේ පඩි වල පාසි බැඳිලා කියලා...මෙව්වො එක්කලා ආව හින්දා මගෙන් පළි ගන්නවද කොහෙද...අසමත්ජාතියෝ...
ඇඟේ අමාරුවටත් වඩා තිබුනු හිතේ අමාරුවට ඉකියක් ගැහුනා...

"ආව්..."

"මක් උනාද...සුදු මැණිකෙ..." අර ඇට කොල්ලා ඒ සෙනිකෙට පීනගෙන මන් ගාවට ආවා...
ඉදකින්...ඉදකින්...ඉදෝමකින්...
අද නම් මහ මූසල දවසක්...අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්නා වගෙ ඒකා එහෙම ඇහුවත් හරි මෙච්චර වෙලා හිර කරගෙන උන්නු කදුළු බිංදු ටික දඩ බඩ ගාලා එළියට පැන්නා...උන්ටත් මොකද පනින්න බැරුවයැ...මටනේ ඉතින් සේරම නවනිංගිරා...

"වැ...වැටුනා කියලා පේ...පේන්...නේ නැද්ද..." ඇඬිල්ල චුට්ටක් අඩු වෙද්දි කතා කරන්න ගත්තෙ මේවො හතර දෙනාම ලෝක පුදුමයක් ගානට මන් දිහා බලන් උන්නු හින්දා...

"කට නම් තියෙනවා පණ ඇතුව ඇවිදගන්න බැරි උනාට..." මේ යකාගෙ කටට කළවැද්දො චූ කරන්න එපැයි...මෙච්චර මේ කොන්ද කැඩිලා මැරෙන්න වැටිලා ඉන්නකොටත් මටම බනින්න එන්නෙ...

"ම...මට බනින්...නෙ...තමුසෙට කි...කියන්න තිබ්බනෙ මේවගෙ පාසි බැ...ඳිලා කියලා...
ඉ...ඉන්නවකො නැ...නැන්දට කියන්න මාව පරිස්සම් කරේ නෑ කියලා..."

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now