39. සමන් පිච්ච

1.1K 244 270
                                    

"මක්කද ඔය කුටු කුටු ගාන්නෙ?..."

"මට දැන් හොඳයි කිව්වට ආත්තම්මා අහන්නෙම නෑනේ නැන්දෙ..." නැන්දා ආවයින් ආත්තම්මත් කතාව නතර කරද්දි අකමැත්තෙන් උනත් මට සිද්ද උනා නැන්දට පොඩි බොරුවක් කරන්න...

"සිලිඅම්මෙ අද රෑට පිට්ටු කමු?..." නැන්දයි, ආත්තම්මයි රෑට උයන්න ලෑස්ති වෙද්දි මාත් සේපට කුස්සියෙන් පැනගන්නයි ලෑස්ති උනේ...

"පොඩි මහත්තයා දැං තේ බීලායි ඔය යන්නෙ?..."

"දැන් තේ බොන්න බෑ වගේ ආත්තම්මෙ...
එහෙම්ම රෑටම කමු..."

"රෑට කන්න සුනංගු වෙනවනෙ දරුවො...
කෝ සිලි අම්මෙ කේතලේ දෙන්න වතුර එකක් ලිපේ තියමු..." ඉතින් දෙන්නා එක්කලා ආයෙම මාව ඇතුළට එක්කර ගත්තයින් තවත් පැය භාගයක් විතර ඒ දෙන්නගෙ කදේට වැටිලා මට තේ එක බොන්න උනේ...

තේකත් බීලා මන් ආයෙම කාමරයට එන ගමනෙ මතක් කරේ ආත්තම්මගෙ කතාව...එයා කොහොමද මුකුත්ම නොකියා අපි දෙන්නව පිළිගත්තෙ...
මට විසඳව අතාරින්න එපා කියන්නෙ...සමහරවිට එයා අපි දෙන්නට තියෙන ආදරේ නිසාම අපි ගැන දුක හිතෙන්න ඇති...
මට ආත්තම්මව විශ්වාසයි...මන් දන්නවා එයා දැන් ඒ ලියුම ගැන විසඳට වත් කියන්නෙ නැහැ කියලා...
ඒත් එයා මේ ඔක්කොම දැනගෙන ඉද්දිත් මන් කොහොමද...කමක් නෑ...ඕන දෙයක්...
තව වෙන්න දේකුත් නෑනේ...එන විදියකට මූණ දෙනවා...

දවාලට නිදාගත්තම හවස හය, හත විතර වෙනකන් විසඳ නිදාගන්නවලු...මේ සතියම ස්කෝලෙත් නෑනේ ඒ නිසා රෑටත් කාමරේට වෙලා ඔහේ බලාගෙන ඉන්නවලු...හිතුණොත් පොතක් කියවනවලු...අර එව්වො තුන්දෙනා ආවම නම් කියනවලු හවසට වැව ගාවට එක්ක යන්න කියලා...ඉර එක්කලා කතා කරාම එයාට අයියා නැති පාළුව අඩු වෙනවා කිව්වලු...කොයිකටත් මාවම අල්ල්අගන්න මේ පොඩි එකාට මේ දෙන්න යන ගින්දරට මාව මොන අපායකට ඇදගෙන යාවිද දන්නෙ නෑ...

රෑට කෑම කනකලින් මන් ආයෙම පොත් මේසෙට ආවේ සඳුදා ස්කෝලේ යන්න තියෙන නිසා ඒ කලමනා ටික ලෑස්ති කරගන්න කියලා...එදා යන දවසෙ මෙව්වොන්ට පැවරුම් ටිකක් හදලා එවන්නම් කියලා හිතාන ගියාට වෙච්ච දේවල් එක්කලා ඒ සේරම අමතක උනානෙ...කොහොමද මන් එහෙම වගකීමක් නැතුව හැසිරුනේ...කොයික නැතත් මන් ගුරුවරයෙක් කියන එක මතක තියාන ඉන්න එපැයි...
දැන් ඉතින් වෙච්ච දේ වෙලා ඉවරයි...පොත් ටිකත් ලෑස්ති කරලා ඉවර කරලා මහරගම ගෙදරින් අරන් ආව පොතත් අරන් ආයෙම ඇඳට පැන්නා...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now