19. ලෙඩ්ඩු බලන්න යෑම

1.5K 307 186
                                    

- විසඳගෙ නිවසෙහි -

"අම්මා..."

"අම්මා..." උදේ නවයාමාරට විතර ඇහැරුණු විසඳ  ගමටම ඇහෙන්න හූ තියන්න පටන් ගත්තයින් ආයෙම උණ වැඩි වෙලාවත්ද කියලා බය උනු කුසුම්  කාමරේට දුවගෙනම ආවා...

"සුදු මහත්තයො...මක් උනාද දෙයියො?..." හාන්සි වෙලා උන්නු විසඳට යහපැත්තෙන් ඉඳගත්ත කුසුම් ඇහුවෙ ඔළුවත් අතගාන ගමන්මයි...

"මක් නිසාද අම්මෙ මාව පීද්දුවෙ නැත්තෙ?...
කෝ අයියා...එයා ඉස්කෝලේ ගියාද?..."

"හා හා...එක වතාවකට එක ප්‍රශ්නයක් අහලා ඉඳිං...
මෙතන ප්‍රශ්න පත්‍රයක් දිග අරින්න තියාගන්නෙ නැතුව..."

"අයියා ඉස්කෝලේ ගියා...
උඹට උණ කියලා ඒ දරුවත් ගෙදර ලගින්න උවමනයිද..."

"බලන්නකො අම්මලත් කරන දේවල්...
එයා දැං ගිහිං තනියම ඉන්නෙ කොහොම කියන්නකො..." විසඳගෙ මේ විකාර ප්‍රශ්න හන්දා , කුසුම් පොඩි එකාගෙ නළලෙන් අත තියලා බැලුවෙ ආයෙම උණ වැඩි වෙලා වත්ද කියලයි...

"උණ විකාරෙං දොඩවනවද කොල්ලො...
අර දාහක්, එක්දාස් පන්සීයක් විතර ළමයි උන්නු ඉස්කෝලෙක ඒ දරුවට කොහෙ තනියක්ද..."

"තව ඩිංගක් නිදාගනිංකො...එතකොට ඔය ඔල්මාද ගතිය ඇරිලා යාවී..."

"අ...නේ අම්මෙ..." කෙඳිරි ගගාම විසඳ ඇදෙන් නැගිටගත්තා...

"ඔය කොහේ යන්නෙ?..." බැරි බැරි ගාතේ ඇවිදින්න ගිහින් කොන්දක් වත් කඩා ගත්තොත් කියලා කුසුම් ඉක්මනින් ගිහින් විසඳගෙ අතින් අල්ලලා නවත්තගත්තා...

"ඉස්කෝලෙට..."

"උඹට පිස්සු හැදීගෙන එනවද සුදු මහත්තයො...
මෙන්න මෙහෙන් ඉදිං..."

"ආයේ මං නොකීවයි කියන්න එපා...ගෙයිං එළියට බැස්සොතිං බොගෙ කකුල් දෙක කඩනවයි මං..."

ඒ පාර අම්මා අල්ලගෙන උන්නු අතත් ගසාදාලා විසඳ  කාමරෙන් එළියට ගියා...විසඳගෙ මේ හිතුවක්කාර වැඩ වලට තරහ ගිය විසඳගෙ අම්මත් ඒ පස්සෙන් ගියා...

"මං දැං උඹට කීවා..."

"දත් මදින්න යන්නත් එපාද කියන්නෙ..." පිටිපස්ස වත් නොබලාම විසඳ හෙමින් හෙමින්ම නාන කාමරයට ඇවිදගෙන ගියා...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now