38. ඇරයුම් පත්

1.1K 252 226
                                    

"සිහස්න...පුතේ..." පොල් කුඩු වේලන්න දාන්න මිදුලට ඇවිත් හිටිය නැන්දා මාව දැක්ක පාර කෑ ගහගෙනම ඇවිත් මගෙ මුළු මූණම අතගාලා මාව බදාගත්තා...

"අක්කා අපිට ඔය දරුවව එක්ක යන්න දුන්නෙ නෑ මයෙ දරුවො..."

"මන් දන්නවා නැන්දෙ..." මට දැනෙනවා ඒ ආදරේ...
මාවත් එයාගෙම පුතෙක් කරගෙන මට දෙන ආදරේ...
ඉතින් මාත් නැන්දගෙ උරැස්සෙන් ඔළුව තියාගෙන ඒ උණුහුම විදගත්තා...

"කලිං කීවා නං එක්ක යන්න අපෙ මහත්තයව එවනවනෙ දරුවො..."

"ඒකට කමක්නෑ නැන්දෙ..."

"යංකො ගෙට..." ඒ එද්දිත් නැන්දා ආවේ මගෙ අතත් බදාගෙන...ආයේ නම් අක්කට නෙමෙයි අම්මි ආවට වත් මාව ගෙනියන්න දෙන්නෙ නෑලූ...

මට කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගන්න කියලා මන් එපා කියද්දිත් නැන්දා ගියා උණු වතුර රත් කරන්න...එයා හිතන්නෙ මට තාමත් අමාරුයි කියලා...

කාමරෙන් බෑග් එක තියලා, අරන් ආව ඇඳුම් ටිකත් අහුරලා, ටවල් එකත් පටලන් මන් ගියේ නළ ළිඳ ගාවට...

මන් හොයපු කෙනා නම් පේන්න හිටියෙ නෑ ඒ වගේම ඒ කෙනා ගැන තාමත් කිසි කතාවක් තිබ්බෙත් නැහැ...බලන්න කොච්චර ආසාවක් තිබ්බත් හිතට එකඟව එයා ගාවට යන්න අමාරුයි...ඉතින් තත්පරයකට මන් බලෙන්ම වගේ ඒ ගැන අමතක කරා...

නැන්දා උණු වතුරෙන්ම නාන්න ඕනෙයි කිව්ව නිසා නැන්දා එනකන් බලන් හිටියට නැන්දා තාම නැති තැන මන් ගියා පිට කුස්සිය පැත්තට...

"අරහෙන් ඉදිං දරුවො...සර් එක්කලා මං මුට්ටිය උස්සං එන්නං..." නැන්දා මුට්ටිය උස්සන්න රෙදි කෑල්ලක් අරන් එද්දි එයාට උදව් වෙන්න හිතාන මාත් ඒ පැත්තට යද්දි නැන්දා කෑගහන්න ගත්තා...
ආත්තම්මා පොළට ගිහින්ලු...ඒ නිසා නැන්දාම තමා තනියම මුට්ටියට වතුර එකතු කරලා ඒක රත් කරලා තියෙන්නෙත්...

"අපෙ මහත්තයා..."

"අපෙ මහත්තයා ඩිංගක් මෙහෙට ආව නං..." මාවත් පැත්තකට කර කර නැන්දා ආයේම සර්ට කෑගහද්දි සර්රුත් විගහට ඇවිදින් මුට්ටියෙ පැත්තකින් අල්ලගත්තා...

"කෝ ඉඳගමුකො...මං වතුර වක්කරන්නං..." කියලා නැන්දා එහාපැත්තෙ තිබුණු බංකුවකුත් ගෙනත් මන් ළඟින් තිබ්බා...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now