28. කුණ්ඩවාල හීනේ

1.1K 274 210
                                    

"නැන්දෙ මගෙ ඔළුව රිදෙනවා...
මන් ටිකක් ඇලවිලා ඉඳලා එන්නම්..." කාර් එක මිදුලට දාපු හැටියෙම හැමෝටම කලින් බැහැගත්ත මන් කාමරේට ඇවිත් හාන්සි උනා...

- ටොක්...ටොක්...ටොක්... -

හාන්සි උන පාර ඇහැරුනේ කවුද පින්වන්තයෙක් දොරට තට්ටු කරනවා ඇහුනු නිසා...

ඒ කියන්නෙ ඒක හීනයක්...දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ...මොන කුණ්ඩවාල හීනයක්ද යකෝ ඒ...

ඇස් දෙක වහගන්න නැහැ විසඳ මන් ඉස්සරහ දන ගහගෙන හිටිය විදිය මැවි මැවි පේන්න ගන්නවා...
නිදාගන්න නැහැ මන් ඌ එක්කලා බයිසිකල් පදින හීන පේනවා...බයිසිකල් පැදලා නැවැතුනා නම් තව දරාගන්න තිබ්බා...මොන කරුමයක්ද යකෝ මේ...
නිදියන්න කලින් පිරිත් ටිකක් අහලා නිදාගන්න ඕනේ...

- ටොක්...ටොක්...ටොක්... -

තව ටිකෙන් ඇහැරර්ණු කාරණෙත් අමතක වෙනවා...
වැනි වැනීම නැගිටලා ගිහින් දොර ඇරියා...

"ආෂ්...ඇයි?..." මට නිදහසේ නිදාගන්න දෙන්නෙ නැති අර පොඩි පගයා ඇවිත් තියෙන්නෙ...පිගානකුයි, වතුර කෝප්පයකුයි අතේ තියාගෙන මන් දිහා බලාගෙන ඉන්නවා...කටේ පිට්ටුද දන්නෙ නැහැ...

"ඇයි ආවේ කියන්න බැරි නම් එහාට්ට වෙනවද මට දොර වහන්න..." මන් ටිකක් සද්දෙට ඇහුවම...

"බඩගිනි ඇතිනෙ..." ඒකා හිනා උනා...හරි අහිංසක විදියට...එක පාරටම මට අර හීනේ මතක් වෙන්න ගත්තා...ආහ් එපා...

"න්...නෑ...බඩගිනි උනත් මන් ගිහින් කන්නම් විසඳ...
ඔයා ඒ ගැන වද වෙන්න ඕනේ නැහැ..."

මන් කියපු කිසි දෙයක් ගණන් ගත්ත පාටක් නම් පෙනුනෙ නැහැ...ඒකා ගිහින් අර පිගානයි, වතුර වීදුරුවයි මේසේ උඩින් තියලා සාක්කුවෙන් මොනවද අරගත්තා...

"හිස රදේ කීවනෙ...මේක බීලා තිත්තක් ආවොතිං කන්න..." පැනඩෝල් කාර්ඩ් එකක් එක්ක, පොඩි ෂොපින් කවරයකුත් එතනින්ම තිබ්බා...

"උඹෙ විකාර වලට මාව රවට්ට ගන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා..." ඒ පාර කාමරෙන් එළියට යන්න ගියපු එකා ආයේම හැරිලා මන් ගාවට ඇවිදින්...

"හ්ම්..." හිනාවෙලා ඔළුව වැනුවා...

"මං හන්දා ඔච්චර කේන්ති ගන්න එපා මැණිකෙ...
කාලා නිදාගනිං..." මගෙ ඔළුව අතගාලා ආයෙම හිනා උනු විසඳ දොරත් වහගෙන යන්න ගියා...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now