37. කෝ එයා

1K 253 190
                                    

"අම්මි..."

"හා...හා...
ඔහොම ඇලවිලා ඉන්න රත්තරනෙ..."

"කෝ විසඳ...

"අම්මි...කතා කරන්නකො...
කෝ මගෙ පොඩි එකා..." ඇහැ පියවෙද්දි බස් එකේ උන්න මන් නැගිටිනකොට හිටියෙ අපෙ ගෙදර...
ඒකේ පුදුමයක් වෙන්න දෙයක් නෑ...
මොකද එතන accident එකක් උනානෙ...
ඉතින් පොලීසියෙන් එන්න ඇති...
අම්මිලාට කතා කරන්න ඇති...
මාව මෙහෙට එක්ක එන්න ඇති...
තව ගොඩක් දේවල් වෙන්න ඇති...
මට ඒවාගෙන් වැඩක් නෑ...

කෝ මගෙ විසඳ...
එයාට මොකද උනේ...
එයා හොඳින්ද...
කොහෙටද එයාව අරන් ගියේ...
දෙයියනේ මගෙ පොඩි එකාට අමාරුද...
විසඳ...විසඳ...විසඳ...
විසඳ කියන කෙනාව විතරයි මට මේ වෙලාවෙ වැදගත්...
මට ඇස් පියවෙද්දි මගෙ පොඩි එකා ලේ පෙරාගෙන හිටිය විදිය මතක් වෙද්දිත් මගෙ ඇඟ සීතල වෙනවා...

"ප්‍රින්සිපල්ගෙ පුතා ගැන වෙන්න ඇති ඔය අහන්නෙ?..."

"ඔව්...ඔව් අම්මි...
මගෙ පොඩි එකාට මොකද උනේ කියන්නකො..." මන් මෙච්චර කලබල වෙලා අහද්දිත් අම්මි කිසි ගානක් නැතුව උත්තර දෙන විදිය දකිද්දි මට තරහා යනවා...එයා කොහොමද මෙහෙම හැසිරෙන්නෙ...අර ළමයට අච්චර දෙයක් උනාට පස්සෙත්...

"මන් දන්නෙ නෑ රත්තරනෙ...
කෝල් එක අරන් අක්කයි, අයියයි ඔයාව බලන්න එද්දිත් ඒ ළමයගෙ ගෙදර අය ඇවිත් ඉඳලා...ඒ නිසා අක්කලා ඒ ළමයා ගැන හොයන්න වැඩි උනන්දුවක් වෙලා නැහැ...
හැබැයි උඹට වගේ නෙමෙයි ඒ ළමයට..."

"අක්කා...අක්කා..." අම්මි කතාව කියලා ඉවර වෙනකන් වත් ඉන්න බැරි වෙද්දි තුවාලෙ තිබුණු අතත් උස්සන් මන් දිව්වෙ අක්කගෙ කාමරේට...

"ටිකක් රෙස්ට් කරලා ඉදින් මගෙ රත්තරනෙ..." මන් නැගිටලා අක්කගෙ කාමරේට දුවන් යද්දි අම්මිත් කෑ ගහගෙන මගෙ පස්සෙ ආවා...ඒත් ඒ වෙලාවෙ මගෙ අම්මිත් ලෙඩෙක් නේද කියන එක මට අමතක වෙලයි තිබුණෙ...

"අක්කෙ..."
______________________________

"එයාටත් කලින් තමුසෙ ගැන හිතන්න තරම් ඒ මල්ලිට තමුසෙ ගැන තිබ්බ කැක්කුම මොකක්ද චාතූ?..." මෙයාටත් යන්නෙ කොහෙද මල්ලෙ පොල්...
ඇයි දෙයියනේ මන් මෙතනට ආවේ මොකක් කතා කරන්නද...ඒත් දැන් කතා කරන්නෙ මොකක්ද...
මේකිටත් ඉතින් මගෙ කෝප්පයක් හෝදන්න තිබ්බා නම් ඒ ඇති...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now