36. නැවතුම

1.2K 243 266
                                    

"ඇයි?..."

"අරුං කාර් එකේ එනවා...
නැවතුම් දෙක, තුනක් ඇවිදිං මං බහින්නං..." මන් උත්තරයක් දෙන්නත් කලින්ම එයා මගෙ බෑග් එකත් උදුරගෙන බස් එකට නැග්ගා...මාත් කොල්ලෙක් ඉතින් උඹ වගේම මේ බෑග් එක උස්සගෙන යන්න මටත් පුළුවන්...මේකා මෙහෙම මාව ගෑනු ළමයෙක්ට දාලා සලකනවට මන් කැමති නැහැ තමයි ඒත් ඒ එයා මන් ගැන පොඩිම දෙයක් පවා හිතන නිසානෙ කියලා හිතද්දි මගෙ බඩේ ඉන්න සමනළයො බල්ටි ගහනවා...ඉතින් ඔය කාරණා එහෙම මෙහෙම වෙද්දි එයාට ඉඩ දීලා මාත් හෙමිහිට බස් එකට නැගගත්තා...

බස් එකේ ඉස්සරහ සීට් වල හිටිය පස් හය දෙනයි, ඩ්‍රයිවරුයි, කොන්දොස්තරයි ඇරුනම බස් එකටම හිටියෙ මායි, විසඳයි විතරයි...
විසඳ ගිහින් පිටිපස්සෙම සීට් එකේ බෑග් එක තියද්දි මාත් ඒ පස්සෙම ගිහින් ජනේලෙ අයිනෙන් ඉඳගත්තා...

"මක්ක හරි කනවද?..." කනවද අහන්නෙ හරියට මේකා හම්බකරපු සල්ලි තියාගෙන ඉන්නවා වගේ...
ඌ කන්නෙත් තාම අප්පච්චිලාගෙ සල්ලි වලින්...ඒ අස්සෙ මටත් කන්න දෙන්න කතාව...

"උඹ හම්බකරලද?..."

"ඔව්...මේ මං වැඩ කරලා ඉතුරු කරපුවා තමයි..." වැඩ කරලා...පුහ්...අනේ මේකා කරන වැඩ...
මෙලහකට හතර, පහේ බට්ටො ටිකක් බය කරලා එකතු කරගත්තපුවා වත් වෙන්න ඇති...

"මොනවද කරපු වැඩ?..."

"අප්පච්චිගෙ කුඹුරෙ දවසෙ පඩියට වැඩ කළා..." ඈහ්...මේ...මේ වසවර්තියා...මේ අපේ අසමත්ජාති දඬුලේනා...මේකාට කුඹුරු කොටන්නත් පුළුවන්ද...
ඒක නම් ලෝක පුදුම ගොඩට එකතු කරත් කමක් නෑ...මන් හිතන් හිටියෙ මේකාට පුළුවන් මනමාලකම් කරන්න විතරයි කියලා...

හැබැයි ඉතින් අමුඩ කොටේකුත් ගහගෙන කුඹුරෙ බැහැලා ඉද්දි හැඩට ඉන්න ඇති...

"හ්ම්...හ්ම්..." ඒත් ඉතින් ඔය කිව්වට කවුද දන්නෙ ඇත්තටම කුඹුරු කොටලා හම්බකරපුවද...
පොඩි එව්වො බය කරලා හම්බකරපුවද කියලා...
මොකද අපි දැක්කා කියලා ඇ...

විසඳ ගිහින් පොරි පැකට් එකකුයි, වඩේ මල්ලකුයි, මික්ස් ෆෘට් බීම එකකුයි තව මොන මොනාද හිච්චි හිච්චි කඩචෝරු කෑලි ටිකකුත් උස්සන් ඇවිත් තිබුණා...ඒකා ඇවිත් විනාඩියක් ගියෙ නැහැ බස් එක අද්දන්න ගත්තා...වෙලාවට...නැත්තම් ඉතින් මූ නෑ කියලා මාත් පිස්සා වගේ බස් ස්ටෑන්ඩ් එක පුරා දුවන්න එපැයි...ඉතින් ඔය අතරෙ මන් වඩේ මල්ල දිග ඇරලා එක වඩයක් කටේ දාගත්තා...
හැබැයි අපේ පැත්තෙ වඩේ වලට වඩා නම් වටිනවා...
පරිප්පු එහෙම යස පදමට දාලා...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now