හෙට අම්මලා යනවලු...ආව දවසෙ ඉඳලම මගෙ පුංචි එකාව රිද්දලා හෙට උදෙන්ම යනවලු...ඒත් විසඳට තාමත් රිද්දුවා මදිලු...යන්න කලින් නෙතාලිව එක පාරක් ගම වටේ එක්ක යන්නලු...ආත්තම්මා මට තනියම ඒකී එක්ක යන්න කියද්දි මුකුත් නොදන්න නැන්දා විසඳ එක්කලා කාර් එකේම යන්නලු...එයා ගමේ ලස්සනම තැන් දන්නවලු...විසඳට එන්න එපා කියන්නත් බෑ මට ඒත් එයාව එක්ක යන්නත් බෑ...
කියන්න හේතුවක් වත් මතක් නොවෙද්දි මාත් විසඳ වගේම වෙන දෙයක් වෙච්චාවෙ කියලා ඔහේ බලාගෙන හිටියා...කාර් එකේ ස්ටාර්ට් කරපු වෙලේ ඉඳලා තව මනුස්සයෙක් ඉස්සරහා ඉන්නවා කියලා වත් නොහිතා මේකි කිසිම ලැජ්ජාවක් නැතුව මගෙ පපුව අස්සෙ අත ගෙනත් ගානවා...මට පේනවා විසඳගෙ ඇස් ඉස්සරහා කණ්ණාඩියෙන් මගෙ දිහාවට හැරිලා තියෙනවා...එයාට මේවාගෙන් රිදෙනවා...මන් දන්නවා...ඒත් මන් දැන් නෙතාලියාව එහාට්ට කරොත් එයාටත් තේරේවි මේ කසාදෙට මගෙ කැමැත්තක් නෑ කියලා...එහෙම උනොත් තවත් ප්‍රශ්න ගොඩක්...
ඉතින් කොච්චර අකමැති උනත් ඉවසගෙන හිටියා..."ඇයි විසඳ මේ ගෙදරක් ගාව නතර කරලා..." කාර් එක ගිහාන්ලගෙ ගේ ගාවින් නතර කරපු විසඳ දොරත් සද්දෙටම වහගෙන ගියේ නෙතාලියාට බැල්මක් වත් නොදීම...
විනාඩි දහයක්, පහළවක් විතර ගියාට පස්සෙ විසඳ ආවේ නෙරිල් එක්කමයි...ඇත්තමයි...මට ඒ වෙලාවෙ නම් එව්වො දෙන්නව දැක්කම දෙවියො දැක්කා වගේ දැනුනෙ...අරකිට පුදුම ඇම්මක් තියෙන්නෙ...අරහෙන් අල්ලනවයි, මෙහෙන් අල්ලනවයි, මගෙ අත ඒකිගෙ කලවයෙ අතුල්ල ගන්නවයි...
මල අප්පිරියයි...මන් නෙතාලි එක්ක කාර් එක ඇතුළෙ උන්නෙ පුදුම අමාරුවකින්...බැරිම තැන විසඳලා එනකන් එළියට බැහැලා හිටියා..."ආ...සුදු අයියෙ...කෝ ප්‍රිය භාර්යාව..."
"කට වහං පලයං නෙල්ලියා..." සමහරවිට විසඳට මගෙ වෙනසක් තේරෙන්න ඇති...නෙල්ලියා ආයෙම ඇනුම් පදයක් කියන්න ලෑස්ති වෙද්දි විසඳ නෙල්ලියව එතනින් පැන්නුවෙ මගේ දිහාවට එනගමනෙ...
"මක් උනාද?..." විසඳ මගෙ නළලට වැටිලා තිබුණු කොණ්ඩ කෑල්ලත් පස්සට කරලා එහෙම අහද්දි මන් අඩියක් පස්සට උනේ කාර් එකේ නෙතාලි ඉන්න නිසා...
YOU ARE READING
I told sunset about YOU | COMPLETED
Romanceසමන්පිච්ච සුවඳට පෙම් බැඳි, හිරු කුමාරයෙකුගෙ අහිංසක ආදර කතාව... start - 11 : 06 : 2023 end - 30 : 01 : 2024