කලිසම් කකුල අයන් කර කර ඉද්දි මොකක්දෝ කියුබ් එකකුත් අතේ තියාගෙන හුදු මහත්තයා ආවා...
දැක්ක ගමන්ම මන් අහක බලාගත්තා...
අහක බලාගෙනම අයන් කරද්දි අරූ අර අතේ තිබ්බ කියුබ් එක අයන් මේසෙ උඩින් තිබ්බා...
හහ්...අයන් එකෙන්ම තල්ලුවක් දැම්මා කියුබ් එක බිමට වැටෙන්න...කලිසම මැදලා ඉවරයක් කරගෙන ෂර්ට් එක මදින්න ගත්තෙ අරූ ගිනි පිඹින මකරෙක් වගේ පිඹ පිඹ බලාන ඉද්දි...අනේ උඹට පිඹ ගන්න බැරි නම් ඕනේ දෙයක් කරගනින් කියලා ඇඳුම් දෙකත් අරගෙන ගිහින් පරිස්සමට රැක් එකෙන් එල්ලලා දොර වහන්න ලෑස්ති උනේ අම්මිටත් කෝල් එකක් දීලාම නිදාගන්නවා කියලා හිතාන...
දොර වහන්න යද්දිම මෙන්න අර කිඹුල් පතයා දොර ඉස්සරහ...මොන මඟුලක්ද යකෝ...
මන් නිදාගන්නෙ නැද්ද...අර කියුබ් එකත් අතේ තියාගෙන ඌ ඉන්නවා මොකාද එකා වගේ..."ආහ්...ගන්නවා..."
"මොකක්ද..."
"මේක ගන්නවා ඕයි..."
"ම...මට එපා..." අනේ මගෙ බල්ලට වත් එපා...
සංවාදය අවසන්...මන් ආයෙම දොර වහන්නයි ලෑස්ති උනේ...දොර වහන්න කියන්නෙ මේක පියන් දෙකේ දොරක්...මෙහෙ කාමර හැම එකටම වගේ දාලා තියෙන්නෙ එහෙම දොරවල්...ජනේල් පියන් වලටත් එහෙමයි...එක දොරක් කොහොමත් වහලයි තිබ්බෙ...අනිත් දොර වහන්න යද්දිම අර අපතයා දොරට අත තියලා තල්ලු කරේ මාවත් එක්ක විසි වෙලා යද්දි...සැක්...විලි ලැජ්ජාවයි...
පටාර් ගාලා රිට වගෙ කෙලින් උනේ මූ ඉස්සරහා ආයෙමත් පාරක් හෑල්ලු වෙන්න ඕනේ නැති නිසා...පිටිපස්සට අඩියක් තියනවත් එක්කම අර කිඹුල් පතයා මගෙ අතින් ඇදලා ආයෙම ඉස්සරහට ගත්තා...
"මේ...මේ මො...කද..." ඇයි යකෝ පෙර ආත්මෙ තරහට මේකා අර කියුබ් එක කටේ ඔබලා මරන්න වත් හදනවද කවුද දන්නෙ...
"ආහ්ව්..." කටේ ඔබලා මැරුවා නම් සැපයි...
මේ යක්සයා අර ක්‍රීම් තලියක් ඉලුවෙ නැද්ද මගෙ වැලමිටේ...හික් ගෑවුනා...මුගෙ ඉලිල්ල කොච්චරද කියනවා නම් කදුළු එක්ක චූ බරකුත් ලෝඩ් උනා...
දැන් ඉතින් මේ කළුවරේ ආයෙම ලැට් හොයපංකො...
මූට අද මම...
YOU ARE READING
I told sunset about YOU | COMPLETED
Romanceසමන්පිච්ච සුවඳට පෙම් බැඳි, හිරු කුමාරයෙකුගෙ අහිංසක ආදර කතාව... start - 11 : 06 : 2023 end - 30 : 01 : 2024