48. සාහිත්‍යය සමිතිය

1.2K 252 220
                                    

නිදාගන්න කියලා ආවට නිදාගන්න බෑ...බෑ නෙමෙයි නින්ද යන්නෙ නෑ...සැරෙන් සැරේ විසඳගෙ වචන ඔළුව ඇතුළෙන් ඇහෙනවා...එහෙන් ඉස්තෝප්පුවෙ තාමත් සිංදු කියනවා...නින්ද යන්නෙම නැති තැන මන් හැදුවෙ පොතක් කියවන්න කියලා...ඉතින් ලාච්චුවෙ තිබුනු පොතත් උස්සගෙන ගියේ ගේ පිටිපස්සෙ අඹ ගහ යට තියෙන පොල් කොට බංකුවට...එතන ලයිට් එකක් තියෙන නිසා බයකුත් නෑ...ඒත්...පොත් පෙරලද්දි මට දෙයක් හම්බුනා...ඒක දැක්කම මට මතක් උනේ එදා දවසම මන් විසඳගෙ කෝළම් එක්කලා ගෙවපු විදිය...

දහය වසරෙ පන්තියට යන්න තිබ්බෙ හෝල් දෙකක් අතරමැද්දෙන්...එදා මට අන්තිම පීරියඩ් එකේ තමයි දහය පන්තියට යන්න තිබුණෙ...
පොත් දෙකත් අරගෙන මන් ඒ හෝල් එක මැද්දෙන් ඇවිදන් යනකොට පුරුදු රූපයක් එතනින් මතු උනා...
ආපෝ...මූණේ තියෙන පැනි පාට...කට කනේ...
ඒකාව දැක්ක පාර මන් ගනන් නොගෙනම බිම බලාගෙන යන්න හදද්දි විසඳ එක බිත්තියකට හේත්තු වෙලා අනිත් බිත්තියෙන් කකුල තිබ්බෙ මට එතනින් යාගන්න බැරි කරලා...

"කකුල ගන්න විසඳ...මට පන්තියට යන්න පරක්කු වෙනවා..."

"ඩිංගක් සුනංගු උනාට මක් වෙනවද..." කියලා එයා කකුලත් පාත් දාගෙන මන් ළඟට ඇවිත් හිටගත්තා...
කොච්චර ළඟද කිව්වොත් ඒකාගෙ හුස්මත් වැදෙන තරමට...

"මට යන්න දෙනවා ඕයී...මොකද මේ..." ඒකාගෙ පපුවටත් අත තියලා තල්ලු කරන්න හදද්දි ඌ මගෙ අතින් අල්ලගත්තා...මන් ගලවගන්න හදන හැම වෙලාවෙම ඒ අත තවත් තද උනා...

"මං අහපු දේ ගැන හිතුවද..."

"හිතන්න දෙයක් නෑ...මන් එදාම උත්තරේ දුන්නනෙ විසඳ..."

"ඒක මං භාරගන්නෙ නෑ කියලත් මං කීවනෙ සිහස්න..." ඌ මට නම කියලා කතා කරපු නිසා බිමට පාත් කරන් හිටිය මගෙ ඔළුවත් ඉබේටම වගේ ඉස්සුනා...ඒකාගෙ ඇස් දෙක තරු කැට දෙකක් වගේ..

"ඔය විකාර වෙන කා එක්ක හරි කරගන්නවා..." ඒකාව තල්ලු කරලා දුවන්න හැදුවට ඒක කරගන්න උනෙත් නෑ මූ අත් දෙක දික් කරන් ඉස්සරහට පැන්න නිසා...මන් වම් පැත්තෙන් යන්න හදද්දි ඌ වම් පැත්තෙන් ඇවිත් හිටගන්නවා...මන් දකුණු පැත්තෙන් යන්න හදද්දි ඌ දකුණු පැත්තෙන් ඇවිත් හිටගන්නවා...මේ යකාගෙ විකාර නිසා මට පන්තියට යන්නත් පරක්කු වෙනවා...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now