50. වැඩිහිටියන්ට පමණයි

1.7K 274 274
                                    

"මක් උනාද මේ...ලිහපු හරක් ගාලක් වගේ..." එක පාරටම දොරත් කඩාගෙන ඇතුළට ආව කොල්ලො අටදෙනා දැකලා බය උනු කරුණාසිංහ මැඩම් ඇහුවෙ පුටුවෙනුත් නැගිටලා...

"මේ...මේ...අපිට මේක...හිස්...
ඉතිං...මේ...සිංදුවක්...වත්...පුරුදු වෙත හැකිනෙ...
කියලා ආවේ...නේ බං..."

"ඕ...ඕ..." කටට ආපු කතාව විගහට ගොතලා එළියට දැම්ම විසඳ නේ කියලා පිටිපස්ස හැරුනෙ එයාගෙ නඩෙන් සහයක් බලාපොරොත්තුවෙන්...ඒත් හය දෙනෙක්ගෙම ඔළුව විතරක් වැනෙද්දි කසුන්ගෙ කටින් විතරයි ඕ එකක් වත් පිට උනේ...ඉතින් ඕෆ් පීරියඩ් එකක් නම් රෝන්දෙ ගගහා ඉන්නවට වඩා මේක ඇතුළට වෙලා සිංදුවක් කියන එක හොඳයිනෙ කියලා මැඩමුත් එයාලට සංගීත කාමරේ ඉන්න අවසර දුන්නා...

"එතකොට අර පිටගංකාරයෙක් උස්සං ආවේ මක්කටද..." නෙරිල්ගෙ පිටිපස්සෙ හැංගිලා උන්නු සෙව්මිත් දිහාවට ඇඟිල්ලක් දික් කරලා මැඩම් ඒක ඇහුවෙ විහිළුවට උනත් මූණෙන් ඒ බවක් පෙන්නුවෙ නැහැ...

"මේ...මං එක්ක ආවේ මිස්..."

"ආ...උඹට උවමනා උනාම එක්ක එන්න මේක උඹේ සංගීත කාමරේද..."

"කොල්ලා බය වෙයි...පව් මිස්..." අවුරුදු පහ මාරක් පුරාවට ඉගෙනගත්තු ළමයින්ට මැඩම් ගැන කියලා දෙන්න ඕනේ නෑනෙ...ඉතින් එයාලා දන්නවා මේක මැඩම්ගෙ විහිළුවක් කියලා...නෙරිල් එහෙම කියනවත් එක්ක මැඩමුත් හිනාවෙලා අතින් පෙන්නුවෙ ඉඳගන්න කියලයි...
කලින් ආව එවුන් එළලා ගිය පැදුරු කොට තාමත් එහෙම්මයි...මෙවුන්ට තිබුණෙ කිසි මහන්සියක් නොවී ඉඳගන්න විතරයි...

"ආ...කොහොමද ඒක...කොල්ලා බය වෙයිලු...
මීට කලියෙං මූ මිස්ලගෙං බැනුං අහලම නෑනේ..."

"තොගෙ කට වැඩියි චම්පා..."

"අම්මට...සිරි...බලපල්ලකො...
සෙව්වට මක්කහරි කීවාම මුට නගින තරං..."

"ඔව් නගිනවා...උඹ මක් කරන්නද..."

"අපිට නං කරන්න දෙයක් නෑ...ඒකත් සෙව්වට කියලම බස්සගනිං..."

"මක්කද හුකන්නො කියන්නෙ..." මේ තරම් වෙලා හිනා වෙවී ඇදුණු සංවාදේ කවුරුත් ගනන් නොගත්තෙ ඔව්වා මුන්ට සාමාන්‍ය දේවල් නිසා...ඒත් එක පාරටම නෙරිල් තරහෙන් ඉස්සුනු පාර අනිත් අය වගේම චමිඳුත් බය උනා...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now