18. දඬුවම

1.4K 301 136
                                    

හෙට ස්කෝලෙ පටන් ගන්න නිසා අද ශ්‍රමදානයක් තිබ්බා...මායි, විසඳයි, සර්රුයිත් ගියා...ඔක්කොම ළමයි වගේම, දෙමව්පියන් කීපදෙනෙකුත් ඇවිත් හිටියා...හැබැයි ඒ අතින් නම් මේ ළමයි ගැන මට මාර පැහැදීමක් ඇති උනා...තමන්ගෙ කියලා හැඟීමක් තියෙන නිසානෙ මෙතනට ආවේ...
ඇවිත් ඉතින් කරේ ශ්‍රමදානයට සහභාගි උනු එකම නෙමෙයි...ඒක ඉතින් වෙනම කතාවක්...

ළමයි තම තමන්ගෙ පන්ති කාමර අස් කරද්දි, අම්මලා, තාත්තලා ටික නම් වටපිටාව අස් කරන්න ගත්තෙ ඔය වල්ගස් ටික එහෙම උදුරලා, අතු පතු ගාලා...

ඔක්කොම ඉවර උනාට පස්සෙ දෙමව්පියන් එකතු වෙලා ළමයින්ටයි, ගුරුවරයන්ටයි තේ සංග්‍රහයකුත් කරා...තේ ටික බෙදන්න ගත්තෙ නම් ස්කෝලෙම කෙල්ලො ටිකක්...ඒ නිසාමද මන්දා කොල්ලො ටිකත් හිටියෙ එතනම පැල පදියම් වෙලා...
තිමත්කා මිස් එක්ක මාත් ලෑස්ති උනේ තේකක් බොන්න එතනට යන්න...අපි යද්දිත් ගිහාන් හිටියෙ තේ කෝප්පයක් අතේ තියන්...

"තව එකක් දෙන්න..." මුගෙ පෙරේතකම...එකක් අතේ තියන් තව එකක් ඉල්ලන්නෙ...ඊටත් මේ හැමෝටම දෙන්නත් ඕනේ...මෙතන මදි උනොත් මිසක් වැඩි වෙන්නෙ නෑ කියලා ඕන හරකෙක්ට තේරෙනවා...ඒ තියෙද්දිත්...

"ඒක ඔයාට..." පුහ්...අර කෙල්ලගෙ මූණත් එක්ක වෙනස් වෙලා ගියා යකෝ...අනේ මන්දා මූ නම්...ඒ පාර මුගෙ මගුල් වලට මේ කෙල්ලන්වත් අල්ලගෙන...

"පල යන්න...එනවා මෙතන කෝලං කරන්න..." කියලා ඒ කෙල්ල කෝප්පෙකුත් අරන් පන්නද්දි තේ එකත් අරන්ම ඌ දිව්වා...හොඳ වෙලාවට හැබැයි...
නැත්තම් ඕකාට වෙන්නෙ තේ බාස්කට් එකෙන් නාලාම යන්න...

"ඔයා බිව්වද?..." අඹ ගහ යට ගල් බංකුව උඩ මන් ඉදගෙන ඉද්දි විසද ඇහුවෙ තේ කෝප්පයකුත් අතේ තියන්ම මන් ළඟින් ඉදගන්න හදන ගමන්...

"හෝව්...හෝව් මේ...ඔතන තිමත්කා මිස්ගෙ තැන..."

ඒ පාර මූන පුළුටු කරගත්ත ඌ අරන් ආව තේකත් ගල් බංකුව උඩ තියලම හැරුණෙ එහෙම්ම යන්නයි...

"මෙතන විතරයි ඕයී මිස් හිටියෙ...අර අනිත් බංකුවෙන් උඹ ඉදගනින් ඉතින්..."

ඌ හැරුණෙවත්, නැවතුණේවත් නෑ...
ඒ පිම්මෙම යන්න ගියා...ආයේ මන් කියලා මොනවා කරන්නද ඉතින්...යන අයට යන්න දෙන්න කියලයි අපෙ අම්මි මට කියලා දීලා තියෙන්නෙ...ඒ නිසා ඌ යන දිහා බලාගෙන මාත් හිටියෙ ටොයිලට් එකට ගිය තිමත්කා මිස් ආයෙම එනකන්...

I told sunset about YOU | COMPLETED Where stories live. Discover now