රොඩ්නි නුවන්පුර වූයේ සතුටින් ඉපිල යමිනි. සිය පුත්‍රයන් දෙදෙනාම අත් දිග කමිස කළු කලිසමට යට කර, ඒ වටා කළු හම් බෙල්ටයක් බැඳ මහත්මා පාටය. වමතෙහි දිලිසෙන අත් ඔරලෝසු ය. කළු සපත්තු හොඳින් පොලිෂ් කර තිබිණ. මිහිදුම්ගේ වෙනදාට ඇති හිතුවක්කාර රස්තියාදුකාර පෙනුම ද අද නැත. ඒ වෙනුවට ඔහු වින්මුතුගේ වැඩිමහල් සොයුරාගේ චරිතයට හැඩ ගැසෙමින් තිබුණේ ය. ඉදින්, ඒ පියා සිටියේ බොහෝ තුටු වෙමිනි. හැමදාම දකින්නට නොලැබෙන දසුන ඔහු හිතේ හැටියට රස විඳිමින් සිටියේ ය.
නමුත් මිහිදුම්ගේ උද්යෝගයට නම් වැඩි ආයුශ නොතිබිණි. කොළඹ, පිළියන්දල ප්‍රදේශයේ වූ සිය සොයුරාගේ පෙම්වතියගේ නිවසට ගොඩ වුණු මොහොතේ පටන් ඔහුගේ ජීවන රටාව පිළිබඳ ඒ මාපියන් දැක්වූ උනන්දුව තරුණයාට නොරුස්නා විය. මිහිදුම් සාම්ප්‍රදායික රටාවෙන් මිදුණු තරුණයෙකි. පැය ගණන් කාර්යාල පුටු රත් කිරීම පාසල් වියේ සිට ඔහුගේ අප්‍රියම දෙයකි. පියාගේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට ද ඔහු අකමැති වූයේ එනිසාවෙනි. ඔහු ගෙවූයේ නිදහස් ජීවිතයකි. එහි තෙවැනි පාර්ශවයක වැට කඩුළු නො වීය. ඔහුටම ආවේණික රටාවකට ඔහු කැමතිම ආකාරයකට ඔහු ජීවිතය නිර්මාණය කරගෙන තිබිණි. කරගනිමින් තිබිණි. ඉදින් සිය ජීවිතයම ස්වකීය නිර්මාණයක් කරගත් තරුණයාට ඇතැම් අවවාදයන් නයාට අඳුකොළ මෙන් විය.
"පුතාත් දැන් ඉතින් පිළිවෙලක් වුණා නම් හොඳයිනේ"
"මල්ලිගෙ වැඩත් ටික කාලෙකින් ඉවර වෙන එකේ ඔය ඇවිදින ගමන් බිමන් අඩු කරලා තාත්තාගෙ කම්පැනි එකට ආවා නම් හරි. ලොකු පුතානෙ ඉතින්"
"ටික ටික වයසත් යනවානෙ. අපි හොඳ කටයුත්තකුත් බලමු"
"හැමදාම කොලුකමට සැහැල්ලුවෙන් ඉන්න බෑනෙ"
වින්මුතුගේ පෙම්වතිය වූ හසාරා විවෘත මනසකින් යුත් යුවතියක් නොවුණා නම් මිහිදුම් අනිවාර්යෙන්ම ඇගේ දෙමාපියන් ඉවසා නොසිටින බව විශ්වාස ය. මෙවන් සාම්ප්‍රදායික අදහස් ඇති දෙමාපියන්ට ඇය වන් දියණියක් ඉපදීමත් පුදුමයක් බව මිහිදුම් නිතර සිතුවේ ය. එසේ වූයේ හසාරා බොහෝ සෙයින් පොත පතට ලැදි, එනිසාම සමාජය දෙස වෙනස් කෝණයකින් බලන්නට උගත් නිසා ය. මිහිදුම් හදිසියේම ස්තූතිවන්ත විය. නුවන්පුර යුවලට වූ පුළුල් සිතීමේ හැකියාව ද තමන් ඔවුන්ගේ දරුවෙකු වීම ගැන ද ඔහු තුටු විය. මිහිදුම් ස්වභාවයෙන්ම සිය නිදහස වෙනුවෙන් මුරණ්ඩු ප්‍රතිපත්ති අනුගමනය කළ අයෙකි. නමුත් සිය මව සහ පියාගේ පුස් ආකල්ප රහිත සිතුවිලි නිසාවෙන් ඔහුට සිය අවශ්‍යතා ඉටු කර ගැන්ම පහසු විය. චිත්රූට වැඩියෙන් බොහෝ ලෙහෙසි විය.
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance