"ඇයි එදා එකපාරටම ගියෙ?"
ඇය බලාපොරොත්තුවෙන් සිටි පැනයම ඔහුගෙන් මුලින්ම යොමු වෙද්දී ඇයට කෙළ ගුලියක් ගිලුනේ ඉබේටම ය. දැන් හැරෙන්නට නොහැක. ඔහුව කැදවා ගත්තේ තමාම ය. ඇරත් මේ කතාබහට වෙනත් අවස්ථාවක් ලැබේවි දැයි යුවතියට වූයේ සැකයකි. එනිසාම ඈ අවංකවම සිය සිතිවිලි ඔහු වෙත මුදා හැරියාය.
"ඇත්තටම මං තාම දන්නෑ ඒකට උත්තරේ. මන් කළබල වුණා මං හිතන්නෙ. මම කොහොමවත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි ඔයා ඒ කිව්වෙ"
"ම්ම්"
ඔහු හූමිටි තැබුවේ ය.
"එහෙම ගියපු එක rude තමයි, I know"
"ඒක ගැන හිතන්න එපා. It was anyway messy. සමහර situations තියෙයි ඒවයින් පැනලා යන්න ඕනි"
යුවතියට බාධා කළ ඔහු කියා සිටියේ වැඩි තැකීමක් නැතිව ය. බීච් පර්ල් සිදුවීමට දැන් බොහෝ කල් ගතව ගොසිනි. එහිම ඇලී ගැලී සිටීම මිහිදුම්ගේ සාමාන්‍ය ස්වභාවය නො වීය. නමුත් ඇයට පැහැදිලි කළ යුතු යමක් ඔහුට වූයේ ය.
"But I have something I should say. I didn't demand to sleep with you or start a physical relationship with you. මම කළේ ඕවරෝල් මගෙ කරන්ට් මයින්ඩ් සෙට් එක විස්තර කරන එක...
...ඒක මං කිව්ව විදිහ වැරදි, මං පිළිගන්නවා. It was too rushy to process. ඒක මගෙ විදිහත් නෙවෙයි... එහෙම බලන් යද්දි මමත් එදා ටිකක් කලබල වෙලා හිටියෙ කියලා මට දැන් හිතෙනවා. එහෙම නොවුනා නම් ඊට වඩා ලස්සනට ඔයාට ඕක මං පැහැදිලි කරලා දෙනවා"
එය නම් පිළි නොගෙන සිටීමට නොහැකි විය. කුමක් වුවත් පැහැදිලිව, සිත් ගන්නා සුළු අයුරින් පැහැදිලි කර දීමට ඔහුට අමුතුම හැකියාවක් ඇත. එයටම සරිලන ශබ්ද කෝෂයක් ද මං සරන්නා සතු විය.
"මං පුළුවන් හැම විදහකින්ම ලස්සන විඳින්න කැමති මිනිහෙක් චිත්රූ. මං එතනදි ලස්සනයි කියන්නෙ මේ ටිපිකලි මිනිස්සු කියන ලස්සනට නෙවෙයි. ඒක ඕනිම විදිහෙ ලස්සනක් වෙන්න පුළුවන්. නේචර් එක වෙන්න පුළුවන්, මොකක් හරි ක්‍රියේටිව් දෙයක් වෙන්න පුළුවන්, interesting මනුස්සයෙක් වෙන්න පුළුවන්. In and out දෙකෙන්ම මාව attract කරගන්න ඕනිම දෙයක් මට අනුව ලස්සනයි චිත්රූ..."
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance