කැතරින්ගේ නිවෙස මල් වත්තකට දෙවෙනි නොවීය. කාට වුව එහි බලන්නට, විඳින්නට මල් වර්ග බොහෝ ප්‍රමාණයක් ඇත. ඇතමෙක්ට එය දෙව් ලොවක් මෙන් පෙනෙන්ට පුළුවන. නමුත් කැතරින්ට ඒ සියල්ල පෙනෙන්නේ සිය මව්ගේ සහ ඇයගේ මහන්සියක් ලෙසිනි.
"භාවනා කරනවාද?"
රූමත් කාන්තාවක් කැතරින් අසලින් වාඩි ගත්තේ සිනහවක් මුව රඳවාගෙනය.
"භාවනා කරනවා නම් මම අන්තිමට තෝරගන්න තැන තමයි මෙතන අම්මා"
"පිස්සු ඔයාට, මෙතන කොච්චර නිදහස් ද?"
කැතරින් සිනාසුනා මිසක වදන් පිට නොකළාය.
"අම්මා..."
"හ්ම්?"
සිය දියණිය ඔය තනන්නේ වැදගත් කතා බහකට බව තේරුම් ගන්නට ගැහැණියට අපහසු නොවුණි. ඉදින් ඇගේ සම්පූර්ණ අවධානයම කැතරින්ට ලැබිණි.
"ඔයා... චිත්රූ මඩහාපොලව දන්නවාද?"
"කව්ද ඒ, නිළියක්ද?"
කැතරින්ගේ මුවින් සිනහවක් පිටතට පැන්නේ ය.
"නිළියක් වගේ ලස්සන පේන්ටර් කෙනෙක්"
"මම දන්නෙ නම් නෑ, හැබැයි ඔයාගෙ කටින් පිට වුණා කියන්නෙ දැනගන්න වටින කෙනෙක් වෙන්න ඕනි. ඉතින් එයා ගැන මොනාද?"
මිත්‍රශීලි සිනහවක් මුව සරසාගෙන මව සිය දියණියගෙන් විමසුවා ය. එය අමුතුම උද්යෝගයකි.
"අපි අර පේන්ටින් එක ඇඳගත්තා කිව්වෙ. ඒ එයාගෙන්."
"අහ් එයාද? ඉතින් ඒ වැඩේ හරිනෙ"
"හ්ම්, මං හිතන්නේ එයා එක්සිබිෂන් එකක් කරන්න යන්නෙ. ඒ වැඩ වගේකට එක්ස්පීරියන්ස් එකක් ගන්න එයා අපිව අධ්‍යනය කරන්න කැමති කිව්වා. අපෙ අයත් කැමති වුණා. මං හිතන්නෙ ට්‍රැවල් කරන්නත් එයි"
කැතරින් සරලව සියල්ල පැහැදිලි කරන්නට විය. ඒ කාලය පුරාවටම ඇගේ දෑස් සීනියාස් මල් අතර සැරිසරන්නට වූවා ය. ප්‍රීතිමත් විඳදරාගැනීමක් සමඟ පිපුණු සීනියාස් මල් යාය කැතරින් දෙස බලා සිනාසෙන්නා සේය. ඒවා සුළං රැල්ලක් සිපගනිමින් සෙමෙන් සෙලවෙන්නට විය. යුවතිය එදෙස බලා සිටියා ය.
VOCÊ ESTÁ LENDO
වත්සුණු || Wathsunu
Ficção Geralඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance