41 කොටස

72 14 8
                                    


'කිසිඳා ඔබට අයිතියක් හිමි නොවූ යමක අයිතිය ලබා ගැන්මට නම්, කිසි දිනෙක ඔබ නොකළ යමක් කිරීමට ඔබ සූදානම් විය යුතුයි'

එලෙස පැවසුවේ එක්සත් ජනපදයේ තෙවන ජනාධිපති තෝමස් ජෙෆර්සන් විසිනි. අයිතිය ලබා ගැන්ම වෙනුවෙන් ඔබට විරුද්ධවම කැරලි ගසන්නට සිදු වීමට පුළුවන. ඔබේ හතුරා ඔබම විය හැක. ඒ දැඩි මනසික පීඩනයකට, දැඩි සිතිවිලි ඝට්ටනයකට හේතු වන්නකි. මහනුවරින් පිටත් වන්නට සූදානම් වෙද්දී චිත්රූ මඩහාපොල විසින් සිය ගමන් මල්ලේ තිබී පිටතට ගත් සිතුවම් පොත එවැනි ඝට්ටනයක සාක්ෂි දරා සිටි සාක්ෂිකරුවෙකි. එබැව් ඈ හැර වෙනත් කිසිවෙකු දැන සිටියේ නැත. සිතුවම් පොතේ අවසාන පිටුවේ සිට දෙවැනි පිටුවෙහි වූයේ විසල් කැළඹීමක් සහිත නොසන්සුන් මුහුදක වෙරළේ සිටගෙන සිටින කාන්තා රුවකි. මුහුදු රළ ප්‍රකෝපකාරී වී සිටියේ ය. ගල් පර මතින් ඉහළට එසවෙමින් උන් දුන් ඉඟිය ප්‍රචණ්ඩකාරීය. කුණාටුවක ලකුණු එහි විය. පැන්සල් තුඩින් අඳුරු වූ වළාකුළු කිසිඳු ආලෝක ධාරාවකට ඉඩක් දී තිබුණේ නැත. පරිසරය ප්‍රචණ්ඩය; අඳුරුය. නමුත් කාන්තා රුව ඊට පිටුපා පලා යමින් සිටියේ නැත.  මුහුදු වෙරළේ නවතා තිබූ කුඩා බෝට්ටුවක් ද විය. ඇතැම් විට ඇය බෝට්ටුවක් දියඹට දමන්නේ පළමු වතාවට වන්නට ඇත.

චිත්රූ මිහිදුම් අතින් පෝස්ට්කාඩ් ආර්ට් කිහිපයක් තැබුවේ සිතුවම් පොතේ එකී සිතුවම වූ පිටුව අතරින් ගෙනය. තියුණු දෙනෙතට දියඹ යන්නට වූ බෝට්ටුව අසු වූයෙ එලෙසය.

"මොකද්ද ඒ? ඒ චිත්‍රෙ? Mind if I see it?"

ඒ ඔහුගේ විමසුම විය. ඇගේ අවසරය අවැසි විය. සිත්තරෙකුගේ සිතුවම් පෙත දින පොතක් හා සමානය. මං සරන්නා එබැව් හොඳාකාරවම අවබෝධ කරගෙන සිටියේ ය. නමුත් මේ ගෙවෙන්නේ ඇය සම්බන්ධ කරුණු කාරණා නොසලකා හරින්නට ඔහු අසමත් වන කාලයකි. ඉදින් ඇගේ අවසරය ඔහුට හිමි විය. සිතුවම දකින්නට හැකි විය. ප්‍රචණ්ඩ රළ අතර, අඳුරු වළාකුළු අතර, කාන්තා රුව අතර දෑස් ගෙන ගිය තරුණයා අවසානයේ පෙර කී බෝට්ටුව මත්තේ ද දෑස් උවමනාවෙන් රඳවා ගෙන සිටියේ ය. ඇතැම් විට, සංගීත සැඳෑව නරඹන්නට ඇගේ යෝජනාව පිළිගන්නට ඔහුට ඒ සිතුවමත් හේතු වන්නට ඇත.

වත්සුණු || WathsunuWhere stories live. Discover now