"කවද්ද එන්නෙ?"
"තාම හිතලා නෑ"
සජානා කළු පැහැ ඇස් බෝල කරකැවූයේ කණ්ණාඩිය මත සිය ප්‍රතිබිම්බය දෙස බලාගෙන ය. මිතුරු කවය නොමැතිව මිහිදුම් තනිව නිවාඩුවක ය. තරුණිය වූයේ නොරිස්සුමෙනි. වරින් වර කෙටි පණිවිඩවලින් ද ඇමතුමකට සම්බන්ධ වූ විට එයින් ද මිහිදුම් වෙත එල්ල වූයේ ඒ නොරිස්සුමයි.
"ඉංග්‍රීසි කෙල්ලෙක්වත් සෙට් වුණා ද?"
ජෙහාන්ගේ සුන්දර ගෙමිදුලේ වූ සීරුමාරු කළ හැකි එළිමහන් හාන්සි පුටුවකට බර වී පැහැදිලි රෑ අහස දෙස බලා සිටි මිහිදුම්ගේ මුව කොණක ඇදී ගියේ සිනහාවකි. ස්කිනි වර්ගයේ කමිසයක් හැද සිටි තරුණයා එක් හස්තයක් හිස යටින් තබාගෙන සුවපහසු ඉරියව්වකය.
"Unfortunately Nope"
"අනෙ යකෝ...
...මෙන්න මෙහෙ එනවා ගෙදර. චිත්රූත් එනවා කිව්වා ළඟදිම"
සිනහාව වියැකී ගියේ ය. ඇය අවුළුවන්නේම ගින්නකි. නම අසල පවා දැනෙන නොසන්සුන් හැඟුම් පාලනය අපහසු වූ තැන මිහිදුම් දෑස් වසා ගත්තේ රිදෙන තරමටය.
"දවසක් කිව්වාද?"
"නෑ, ඒ වුණාට ඉක්මනට එයි...
...ඊට කලින් එන්න. She's more comfortable with you"
'I doubt it' සිත මිමිණුවේ අවසාන වරට ඔහු දුටු ඇගේ මුහුණ නැවත සිහිපත් කරමිනි.
"එයාට ප්‍රපෝසල් එකක් ඇවිත්ලු ගෙදරින්. මාත් එක්ක කතා කරා ඒ ගැන. මගෙ එන්ගේජ්මන්ට් එක බ්‍රේක් කරපු එක ගැන කිව්වාම කෙල්ල සෑහෙන විස්තර ඇහුවා."
සිහින් වී ගිය පිරිමි දෙනයන සිතෙහි ඇති වූ ක්ෂණික ප්‍රශ්නාර්ථයන්වල සාක්ෂිය.
"එයාට මැරේජ් එකක හිරවෙන්න බෑ කියලා කිව්වා"
"ඇයි උඹ ඕවා මට කියන්නෙ සජා?"
මිහිදුම් විමසුවේ එකවරය. සජානා පවා මඳකට නිහඬ වූයේ සිය මිතුරාගේ ක්ෂණික ප්‍රතිචාරය නිසාවෙනි.
"I thought you guys had a thing"
"Thing? උඹෙ වොකැබ්ලරි එකේ හැටියට ඒකෙ තේරුම මොකද්ද"
අසීරු පැනයක් හමුවේ සජානා පිළිතුරු ගැටගසා ගත්තේ ද අසීරුවෙනි.
ESTÁS LEYENDO
වත්සුණු || Wathsunu
Ficción Generalඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance