චිරංග තම සොයුරිය දෙස බලා සිටියේ සවන්පත් රැඳි වචන කිහිපය මනසට ධාරණය වන තෙක්ය. ඒ බොහෝ සරල වචන කිහිපයකි. නමුත් ඒවායේ හිමිකාරිය මඩහපොල දියණියයි. ඇරත් ඇය මෙලෙසින් චිරංග ඉදිරියේ විවෘත වූ පළමු අවස්ථාව මෙයයි. ඉදින් ඔහුට පුදුම වීමට තරම් කාරණා විය.
"කවුද?"
විස්මය මිශ්රිත වූ දෑස් දල්වාගෙන තමා දෙස බලා සිටින සොයුරා දැකීමෙන් සිත්තරාවියට සිනහා පහළ වන්නට ආවා ය. ඔහුගේ කිසිඳු විරුද්ධත්වයක් නොවන බව ඈට විශ්වාසය ය. මව්පියන් තහංචි දැමූ බොහෝ අවස්ථාවල රහසේම ඇගේ පැතුම් ඉටු කරන්නට වග වූයේ ඉදින් ඇගේ සොයුරායි.
"අයියාට එයාව අඳුරගන්න ඕනිද?"
"ඕනිද‽"
තීවෘ වූ හඬ සිර කර සිටි ඇගේ සිනහාව පිටතට ගත්තේ ය.
"එයාට ළඟම යාළුවො කට්ටියක් ඉන්නවා. එතනින් එක්කෙනෙක් නුවර කැෆේ එකක් ඕපන් කරන්න යන්නෙ. ඔයා බිස්නස් කන්සල්ටනට් කරනවා කිව්වාම එයාලාගෙ වැඩේට හෙල්ප් එකක් ගන්න පුළුවන් ද ඇහුවා. මං කිව්වා අහලා බලන්නම් කියලා"
චිත්රූ කියවාගෙන යද්දී චිරංග එදෙස බලා සිටියේ ය. ඉන්පසු දිගු ඔංචිල්ලාව මත හරි බරි ගැසුණු ඔහු නැවත සොයුරිය දෙසට දෑස් පා කළේ ය.
"ම්ම් හ්ම්ම්, දැන් ඔය කට්ටිය කොහෙ කට්ටියක්ද?"
"ම්ම්...බදුල්ලෙ"
'බදුල්ලෙ උන් කොහොමද තමුසෙට සෙට් වුණේ' යැයි අසාවි යැයි යුවතිය බලාපොරොත්තුවෙන් පසු වුව ද චිරංග එවැන්නක් විමසුවේ නැත. ඒ වෙනුවට ඔහු උත්සුක වූයේ ඔවුන්ව හමුවීමට බව කිව හැකිය.
"එතකොට මං කොහොමද එයාලාගෙ වැඩේට උදව් වෙන්නෙ?"
"ඔයා කැමතිද? එහෙනම් ඒකට නම් ඉතින් හම්බෙන්නෙ එපැයි. අයියාට මං නම්බර් එක දෙන්නද?"
ඇගේ තරු ඇස් දිලිසෙමිනි. චිරංගට එබැව් හඳුනා ගැනීම අපහසු වූයේ නැත. ඔහු ආදරණීය සිනහාවක් පෑවේ එනිසාවෙනි.
"නෑ නෑ, අපි ගිහින්ම බලමුකො"
"ගිහින්?"
එවර ඇය ප්රශ්නාර්ථය පිරි මුහුණකින් බලා සිටියාය. චිරංග ඊට ද සිනහාවක් පෑවාය.
ESTÁS LEYENDO
වත්සුණු || Wathsunu
Ficción Generalඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance