ගැලන්ට් වර්ගයේ සුදු පැහැ මෝටර් රථයක් මඩහාපොල වලව්ව ඉදිරියෙහි නැවතුම් ගත්තේ ය. ඉන් බැස ගත්තේ විඩා මුහුණැති වලව්වෙහි මුල් තැන, මහසෙන් මඩහාපොල යි. ඉදින්, සාම්ප්‍රදායික පිළිවෙතට යටව ඔහුව පිළිගන්නට කුමාරිහාමිය දිව ආවේ කඩිමුඩියේ ය. තත්පරයක ප්‍රමාදය අපරාධ නඩුවකට හේතුවක් වනවා වැනි ය. සුදු සරොමකට, සුදු කමිසය උඩින් ඇඳි කළු කෝටය දමා ගත් මහසෙන් ගැලපෙන්නේම රාජ සමයට යැයි චිත්රූ මෙන්ම චිරංග ද කුඩා කළ සිට විශ්වාස කළේ ය. එකල මඩහාපොල වලව්වට තිබි ආරච්චි නිලය තවමත් මහසෙන්ගෙ හිස තුළ සක්මන් කරන්නා සේය. ලෝකය කෙතරම් වෙනස් වුව ද සිය පිළිවෙත් වෙනස් නො කරගන්නා මේ මිනිසා එක අතකට මහත් පුදුමයකි.
සේමිණී රද්දෙගොඩගේ අණින් සේවිකාවක් රැගෙන පැමිණි වතුර වීදුරුව පානය කළ මහසෙන් නිහඬවම ඇඳුනේ සිය නිදන කාමරය වෙත ය. කොහේ ගොස් පැමිණියත් ඔහුගේ පළමු කාර්යය පිරිසිදු වීම ය. නිවසෙහි අන් අයට නීති පැවරී ඇත්තේ ද ඔහුගේ ක්රමයන්ට යටත්ව ය. චිත්රූ කොළඹ නිවහනේදී ඒවා කඩා බඳ දමන්නට එතරම් රුචි වන්නේද එනිසාවෙනි. වලව්වේ ප්‍රධාන නිදන කාමරය වෙත යන්නට තිබුණේ දියණියගේ කාමරය පසු කරගෙන ය. ඉදින් එලෙසින් ගමන් කළ මහසෙන්ට කාමරය තුළ මාර්ගගත හමුවකට සම්බන්ධව චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරවන චිත්රූගේ හඬ මඟ නො හැරිණි.
(මෙතැන් සිට සියළු දෙබස් ඉංග්‍රීසි භාෂාවෙන් සිදු වන නමුත් පාඨක ඔබගේ පහසුව මෙන්ම රසවින්දනයහම තකා සිංහල බසින් ලියැවෙනු ඇත)
"මම කලින් කිව්වා වගේ, Impressionism කියන්නෙ සාමාන්‍ය subjects* වල වර්ණ වලට අවධානය දෙන ඒ වගේම realistic (යථාර්ථවාදී) ගතිය නිරූපණය කරන චිත්‍ර ශෛලියක්. එතකොට post impressionism කියන්නෙ හැඟීම් මත එළියට එන චිත්‍ර ශෛලියකි. සරලව කිව්වොත්, එකකින් subject එකේ හීට් එක ටච් කරනවා. අනිත් එකෙන් එකෙන් ඒ subject එක වෙනුවෙන් ආර්ටිස්ට්ගෙ හිතේ ඉපදෙන සිතිවිලි ටච් කරනවා"
එතැන් පටන් මඳ වේලාවකට චිත්රූ නිහඬ වූයෙන් මහසෙන්ට කිසිවක් නොම ඇසුනේ ය. නමුත් චිත්රූගේ කන්බණු තුළින් ඇයට පමණක් ට්‍රේවිස් රිචඩ්ගේ හඬ පැහැදිලිව සවන්පත් විය.
VOCÊ ESTÁ LENDO
වත්සුණු || Wathsunu
Ficção Geralඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance