මතක ඇති කාලයේ ඉතාලියට ඇරුනු කොට කුරුණෑගලින් කොළඹටත් කොළඹින් කුරුණෑගලටත් පමණක් සීමා වූ චිත්රූගේ ගමන් බිමන් පාට සේදුනු සිතුවමක් වැනි ය. ගුවන් යානයේ කිහිප වරක් ගමන් කර තිබූ ඇය වළාකුළු හා සමාන්තරව ගමන් කළ අයෙකි. නමුත් ඒ සියල්ල තුළ ඇයට දැනුනේ සිරගත සිතිවිලි මිස ඒ කලා සිතට අවැසි නිදහස නොවී ය. කබානා සංකීර්ණය ඉදිරියේ වූ කඳු පන්ති අතරට ද වලාකුළු ඇවිදින් නවාතැන් ගෙන තිබිණි. ඒ සුදු පැහැ පුළුන් කැටිතිවල වෙලාගැන්ම කඳු පන්තියට තව තවත් එක් කළ සුන්දරත්වය මනස්කාන්ත විය.
චිත්රූ ඉඩම වටා වූ ආරක්ෂාකාරී වැට අසලටම ඇවිද ගියා ය. ඇයට දැනුනේම කෙමෙන් කෙමෙන් දිව්‍ය ලෝකයට ලං වන වගකි. ඒ පරිසරය එතරම්ම සුන්දර විය. දෙවියන් නිදහසේ මැවූ ස්ථානයක් වන්නට ඇති යැයි යුවතියට සිතුනා ය. කඳු ගැටයක වූ ඒ ඉඩම සැලකිය යුතු තරමක් විසල් එකක් විය. එහි මායිමට ගිය විට වූ දර්ශනය දැකීමට බාධා නොවෙන කිසිවක් එහි නොවීය. විසල් ගල් පර්වතයක මිනිසුන් තිදෙනෙකුට පමණ සිටිය හැකි තරමේ ඉඩකඩක් පිටතට කර වැට ගසා තිබුණේ එතැනට කුඩා ගේට්ටුවකුත් සවි කරමිනි. ඒ ගල් පර්වතයට එහායින් වූ ගසකින් එතැන තවත් සිසිල් වී තිබිණි. මිතුරු කවය මේ ගේට්ටුව ඇර ඉන් එහාට අඩි තබනවා ඇති ය. අනේ මටත්... ඔවැනි සිතිවිලි යුවතියව වෙලා ගත්ත ද ඇය නිහඬ විය. ඈ සීමාවෙහි හිඳිමින් තවමත් ඒ සුන්දරත්වය වින්දා ය.
හදිසියේ ඇයට අතීතය සිහි විණි. ඒ ඇයට අවුරුදු දහතුනේ ය. මලියදේව බාලිකා විද්‍යාලය වූ ඇගේ පාසලෙන් වාර්ශික අධ්‍යාපන චාරිකාව සඳහා දින වෙන් කෙරිණි. දෙමාපිය අත්සන සහිතව පාසලෙන් දුන් අවසර පත්‍රය රැගෙන එන්නට සිසුවියන් උපදෙස් ලැබීය. චිත්රූ ආශා මැවුවා ය. මිතුරියන් සමඟ කෙළි දෙලෙන් චාරිකාව යෑම ඇය සිතින් චිත්රණය කළා ය. නමුත් මහසෙන් මඩහාපොල සහ සේමිණී රද්දෙගොඩ එය බොඳ කර දැමූහ. ඇයට කෙදිනකවත් පාසල් අධ්‍යාපන චාරිකාවට සම්බන්ධ වන්නට අවස්ථාව නො ලැබුනා ය. කලායතනයේ විනෝද චාරිකා ද මඟ හැරිණි. ඇයට සම්බන්ධ වීමට හැකි වූයේ එක් ක්ෂේත්‍ර චාරිකාවකට පමණි. සිත්තරාවියගේ දෑසට කඳුළු පිරුණේ නිරායාසයෙනි. ගැහැණු ළමයෙකු ලෙස දරන්නට වූ ඒ අහිමි වීම් එතරම් ප්‍රබල ය. තෙවැනි පාර්ශවයකට සිතා ගත නොහැකි තරම් ප්‍රබල ය.
![](https://img.wattpad.com/cover/344998604-288-k70187.jpg)
CZYTASZ
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance