පෙරවදන

380 16 0
                                    

"අපි දෙන්නා කහා පාටයි දම් පාටයි එකට මික්ස් වෙච්ච මික්චර් එකක් වගේ."

ඇය පැවසුවේ පින්සල දම් පැහැ  තීන්ත බෝතලය තුළට දමමිනි. ඔහු නිහඬවම ඇගේ සෑම ඉරියව්වක් දෙසම විමසිල්ලෙන් බලමින් සිටියේ ය.

"දන්නවාද? දම් පාට කියන්නම මැජික් එකක්...

...හරියට ඔයා වගේ"

එවදන් සමඟින් දම් පැහැ තීන්ත තැවරුණු පින්සල නැවතුනේ වම් කොපුල මත ය. ඇය පින්සල් තුඩ එහෙට මෙහෙට කරමින් කොපුලක සිට ගෙල පසෙකින් පහළට ඇදෙන ලියවැලක් ඇන්දේ එක සීරුවට ය. කැන්වසයට ඇදෙන සිතුවමක් තරමින් පැහැදිලි නොවුණත් එහි අමුතු ආකර්ෂණයක් ගැබ්ව තිබුණා ය. ඇයට ඉඩ දී ඔහු නිහඬවම ඇගේ දෑස් මත්තේ නැවතී සිටියේ අවැසි යමක් කරන්නට අවසර දෙමිනි.

"එතකොට කහා පාට...

ඒක හරියට අපේ බැඳීම වගේ"

දම් පැහැය මතට කහ පැහැය එක් විය. නිරුවත් පපුවෙහි කහා පැහැයෙන් රටා ඇඳෙන්නට විය.

"අපේ බැඳීම?"

ඔහුගේ දෑස් සිහින් වී තිබිණි.

"හ්ම්, නමක් නැති අපේ මේ බැඳීම."

පැලටය මත ඉහිරී ගිය දම් පැහැ තීන්ත මතින් ඔහු හස්තය තැබුවේ ය. පසුව තීන්ත තැවරුණු අතැඟිලි ඇගේ වතෙහි වම් කොටසෙහි නළලතින් පටන් ගෙන කොපුල් දක්වාම පහළට ගමන් කෙරවූයේ ඈ මත දම් පැහැ සටහනක් තබමිනි. ඒ හස්තයම ඈ ගෙලත්, ලැමට උඩින් වූ පෙදෙසෙත් ඒ රටාවම සිතුවම් කළේ ය.

"මොකටද ඉතින් නමක්?"

ඔහු විමසයි.

"කවුරු හරි ඇහුවොත් මොකද්ද කියන්නෙ?"

ඇය විමසයි.

"කවුරුත් මුකුත් අහන්නෙ මොකට ද?"

සිහින්ව ගිය ඔහුගේ නෙතු ඈ හා ඇලවී ගියේ තදටම ය.

"ඔයා හිතන විදිහට හැමදේම වෙන්නෑ අනේ. එහෙම වෙනවා නම් මේ ලෝකෙ මීට වඩා ලස්සනයි"

"Do you wanna be my girlfriend? "

තරු නෙතු විසල් විය. මේ ඔහු මෙලෙසින් ඇසි පළමු වතාව ය. එනිසාම ඇයට වදන් ගලපා ගැනීම හිතුවාට වැඩියෙන් අසීරු විය.

"අහ්?"

"Do you?"

ඇය නිහඬ ය.

"හරි, ඒ පෝස්ට් එකේ වැඩ අල්ලලා බලන්නකො එහෙනම් මැඩම්. ලේසි ද අමාරු ද කොහොම ද කියලා."

එලෙස පැවසූ ඔහු ඇගේ කොපුලක දෙතොල් තැවරූයේ ය. චුම්භනය මෘදු නො වීය. ඇයට දැනුනේ ඔහු ඈට අභියෝග කරන්නාක් මෙනි ය. නැවතත් දෑස් පැටලී ගියේ ය. බැල්මන් අමුතු වී ඇත. ස්වරය ද අමුතු වී ඇත. මං සරන්නා සිත්තරාවිය වෙනුවෙන් සිය ජීවිතාන්දර තුළ අලුත්ම පරිච්ඡේදයක් අරඹන්නට අවසර ලබා දී තිබුණේ ය.

" I hope you won't mess up"

-🎨🌎-


මේ

හෘද සාක්ෂියේ

දොරටුවට

කරනා

තට්ටුවකි!

වත්සුණු || WathsunuDonde viven las historias. Descúbrelo ahora