40 කොටස

76 8 9
                                    

'Have you been into an Ayurvedic spa before?'
(ආයුර්වේදික් ස්පා එකකට ගිහින් තියෙයිද කලින්)

නිවාඩු නිකේතනය තුළ තමන්ට වෙන් වූ සිය නිදන කාමරය තුළ සුදු පැහැ ඇතිරිලි මත වාඩි වී සුදු පැහැ පෝසිලේන් කෝප්පයක උණු උණුවේම කිරි තේකක් බොමින් සිටි යුවතිය යළිත් වරක් ඒ කෙටි පණිවිඩය කියවූවා ය. එය පැමිණ ඇත්තේ මධ්‍යම රාත්‍රියත් පසු වීය. පුදුමය නම් එය මිහිදුම්ගේ අංකය යටතේ සටහන්ව තිබීමය. ඔහුගේ පැනයට ඈ නැතැයි පිළිතුරු සපයා දැන් ගත වී ඇත්තේ විනාඩි ගණනකි. ඔහුගෙන් තවමත් පිළිතුරක් නැත. අවුරුදු විසි හයක් වයසැති යුවතිය දහ අට හැවිරිදි පාසල් පෙම්වතියක් මෙන් නොඉවසිලිමත් ලෙස මඟ බලාගෙනය. කෙතරම් බලා සිටිය ද ඇයට ඔහුගෙන් ඊළඟ කෙටි පණිවුඩය ලැබුණේ චිරංග ඇතුළු කුඩා පවුල සමඟ උදෑසන ආහාරයට වාඩි ගෙන සිටියදී ය.

'මගෙ යාළුවෙක්ගෙ hotel එකක් තියෙයි ඇල්ලෙ, හරිතායූර් කියලා. ඒකෙ separate hospital and spa section එකක් තියෙයි. Lady doctor කෙනෙක් ඉන්නෙ. Try it. ඔයාගෙ ඔළුව ඇතුලෙ තියෙන කම්මලේ සද්දෙ අඩු වෙයි'

ඇගේ මුව මත පිපුනේ සිනා දහසකි. ඔහුට තම සුවපහසුව වෙනුවෙන් මෙවැනි අදහස් පහල වීම මෙතරම් ඉක්මනට සිදු වෙතැයි නොසිතුවාය. එසේනම් ඈ සිටි පීඩනය ඔහුට අමතක වී නැත. සියල්ල මධ්‍යම රැයත් පසුවී සිදු වුණු ඇමතුමකට පමණක් සීමා වී නැත. ප්‍රේමය යන ලේබලය අලවාගත් යුවතියකට ඉදින් හද ගැස්මෙහි රටාවන් වෙනස් වන බැව් දැනීම පුදුමයක් නොමැතිය.

ඇය ඒ ක්ෂණයේම චිරංගටත් මධූකාටත් මිහිදුම්ගේ යෝජනාව සැල කර සිටියා ය.

"ඌට හතර අතේ යාළුවො ඉන්නවාද?"

සොයුරා විමසුවේ එපමණය. මධූකා නම් යෝජනාවට අත් දෙකම ඔසවා කැමැත්ත ප්‍රකාශ කළාය. 'හරිතායූර්' ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය පිළිබඳව අන්තර්ජාලයේ සොයා බලන ලෙස චිරංග උපදෙස් දුන්නේ ඒ අනුවය. එය බොහෝ සෙයින් පිටරට සංචාරකයින් සහ රටේ පොහොසතුන් ඉලක්ක කරමින් ආයුර්වේද වෛද්‍ය උපාධියක් සහිත වෛද්‍යවරියකගේ උපදෙස් මත ක්‍රියාත්මක වන්නකි. එය සොයුරියටත්, බිරිඳටත් ආරක්ෂාකාරී වටපිටාවක් බව පසක් කර ගත් පසු චිරංග අයාන් සමඟ රැදුනේ යුවතියන් දෙදෙනාට මඳක් තනිව කාලය ගත කරන්නට ඉඩ ලබාදෙමිනි.

වත්සුණු || WathsunuHikayelerin yaşadığı yer. Şimdi keşfedin