"Are you drunk?"
ඔහුගේ විමසුමට ඇය වෙතින් හදිසි සිනහාවක් පිට පැන්නේ ය. ඔහු මඳක් ඉවතට තල්ලු වූයේ ඔහුගේ නිරුවත් බාහුවක් මත අතක් තබා ඇය කළ තල්ලුව නිසාවෙනි. මිහිදුම්ගේ සිනහවත් මන්ද්රව විසල් වූ දෙනෙතත් එකට කැටි වූ බැල්ම ඇයට මඟ හැරී ගියා ය. නාන තටාකය වෙත තවත් සිනහාවක් පෑ ඔහු ඇය වෙත එක් බැල්මක් හෙලුවේ ය. ඇගේ සුහදශීලී බව සිතට එක් කලේ අමුතුම මිහිරකි.
"No, I'm not drunk...
...බියර් බෝතලයක් හැන්ඩ්ල් කරගන්න පුළුවන් මට"
හිස මඳක් ඉදිරිය නවා දෑස් කොණින් ඈ දෙස බැලූ ඔහු තනිව හිස සොලවමි ඔවුන් හිඳ සිටි පෙදෙසෙන් ඈතක වූ සැන්චූරියේ එක් පහන් කණුවක් දෙසට මුහණ හැරවී ය.
"මන් හිතුව තරම් ඔයා කූඩු වෙලා ඉදලා නෑ එහෙනම්"
ඔහු පැවසුවේ දෙනෙත් සීරුමාරුව වෙනස් නො කරමිනි.
"ඔයට මාව හම්බුනේ වැනීස් වලදි මිහිදුම්."
ඈ ඔහු දෙස බැලුවත් ඔහු තවමත් වෙනතක බලාගෙන සිටියා ය. එනිසාවෙන් ඈ නැවතත් නාන තටාකයේ යළිත් රැළිති නංවන සිය දෙපා දෙසට අවධානය දුන්නා ය.
"මං කියන්නෑ මං දොරවල් අරින්න බැරි කූඩුවක හැදුනා කියලා. ඒත් මාව එක boundary එකකින් කොටු කරලා තියෙන්නෙ. මට එහෙම ජීවත් වෙන්න අමාරුයි. අමාරුයි නෙවෙයි ඇත්තටම බෑ. මගේ ජීවිතේ කොතනක හරි boundary එකක් දානවා නම් ඒක කරන්න ඕනි මම. වෙන කෙනෙක් නෙවෙයි"
ඉදින් ඒ මිහිදුම් අවිවාදයෙන් එකඟ වක කුලකයේ අදහසකි. ඔහුට සීමා මායිම් වූයේ මිනිස් සබඳතා වෙනුවෙන් පමණි. සතිෂ්කට අනුව ඔහුට ඇත්තේ 'සංකීර්ණ ෆිල්ටරින් සිස්ටම්' එකකි. ඇත්තෙන්ම ඔහුගේ මේසයේ අසුන් ගත හැක්කේ බොහෝ සීමිත පිරිසකට ය. ඒ ඇරැනෙන්ට මං සරන්නා ඔහුගේ ජීවන සංචාරය තුළ සීමා මායිම් මායිම් කරන්නෙකු නොවිනි.
"චිත්රූ..."
නිහඬවම යුවතියට සවන් දෙමින් සිටි ඔහු ඈ දෙසට හැරුණේ තනි වූ පහන් කණුවෙන් දෑස් මුදාගෙන ය. ඇය ද ඔහුගේ හඬට අනුගත වෙමින් ඔහු වෙත හැරුනා ය.
"මට අහන්න පුළුවන්ද toxic relationship ගැන කතා කරන්න ඔයාට තියෙන හේතුව? What's the specialty?"
![](https://img.wattpad.com/cover/344998604-288-k70187.jpg)
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance