38 කොටස

92 9 10
                                    

බලාපොරොත්තු වූයේ ඇගේ සොඳුරු රුව වුවත් අද රැයෙහි ඇගේ වූ වෙනස වටහා ගැනීම අසීරු නැත. ඉදින්, තියුණු දෙනයන හිමි ඔහුගේ දෑස් සිහින් වන්නට වැඩි වේලාවක් ගත නොවිණි. ඇගේ වත ඉදිමී ගොස් තිබිණි. දැස් යට කළු වී තිබිණි. හරියටම කියතොත් මීට දින තුනකට පෙර සැන්චූරියේ නාන තටාකය අසල ඔහු දුටු ඇගේ මුව කමල පරවී ගොස් තිබිණි.

"මොකද වුණේ?"

ඇගේ මුව තවත් බෙරි වී ගියේ ය. නාසය උඩට ඇඳ ගත් හැටියෙන්ම ඇය සෙම්ප්‍රතිශ්‍යාව වැළදෙන තරමටම හඬා ඇති බැව් මිහිදුම්ට පැහැදිලි විය.

"අප්පච්චි මට ආයෙ ගැලරි එකට යන්න තහනම් කළා"

පෙරදී නොදැනුනත් ඇගේ හඬ ද වෙනස් වී තිබූ බව ඔහුට වැටහුනේ දැන් ය. හඬා වැටෙන්නට ආසන්න ස්වරයකින් ඈ ඔහුට ගතු කියද්දී තරුණයා නිහඬව සවන් දුන්නේ ය.

"ඇයි ඒ?"

"මැඩම්ගෙ පුතා එනවා කියලා"

"මැඩම්ගෙ පුතා?"

"කලායතනෙ මැඩම්ගෙ පුතා"

පාසල් යන දරුවෙකු ලෙසින් චිත්රූට පනවන නීති රෙගුලාසි පිළිබඳව මිහිදුම් පුදුම වූයේ ය. ඇය වසර විසි හයක් පිරි තරුණියකි. නමුත් ඇගේ රැකියා ස්ථානයට පැමිණි තරුණයෙකු නිසා ඇයට එහි යන්නට තහනම් වන්නේ ය.

"ගැලරි එකේදි මොන හරි වුණද?"

මිහිදුම් නැවත විමසුවේ මහසෙන් මඩහාපොලගේ තීරණයට සාධාරණ හේතුවක් සොයාගන්නට ය. නමුත් එවැන්නක් නොවීය. චිත්රූ හිස දෙපසට සොලවද්දී මිහිදුම්ගේ ඇහිබැමක් එසවී ගියේ නිරායාසයෙනි.

"Now, what are you gonna do?"
(දැන් මොකද්ද ඔයා කරන්න යන්නෙ?)

"මන් දන්නෑ. මට හිතාගන්න බෑ"

"අහ්, මට සිතන්න බෑ, අදහගන්න බෑ හිතන්නවත් හිත නෑ කියලා ඉන්නද හදන්නෙ?"

එවර නම් සිත්තර මුහුණේ සිනහාවක් උපන්නාය. ඉඩෝරයට වැසි බිඳුවක් වැටුණා සේ මැලවී ගිය කුසුමේ සිනහාවක් ලියලන්නට විය.

"අනික වැරදි හේතුවලට punishment කන්න එපා. පුරුද්දට යයි"

ඔහු කිව්වේ බැරෑරුම් ලෙස ය.

වත්සුණු || WathsunuWo Geschichten leben. Entdecke jetzt