30 කොටස

127 14 0
                                    

"මේක hidden view point එකක්. ඕලෙවල්, ඒලෙවල් ලියලා ගෙදර ඉන්න කාලෙ අපි බයික් කට්ටක් දෙකක් හොයාගෙන හිතුන හිතුන පාරවල් වල ඔහේ යනවා. එහෙම ගිහින් අපෙ උන් හොයාගත්ත ප්ලේස් එකක් මේක. මං හිතන්නේ අපි ටිකයි තව කීප දෙනෙකුයි විතරයි අද වෙනකන් මෙතන දන්නෙ. වෙන අයට කියන්නෙත් නෑනෙ"

චිත්රූගේ පිටුපසින් ඇසුනේ සහේල්ගේ හඬය. දෑත් බැඳගත් ඔහුගේ දෑස් කොහෙ හෝ ඈතක නැවතී ගොසිනි.

"ඇයි ඒ?"

"චාරයක් නැති උන් ආවාම මේ ලස්සන විනාශ වෙනවා"

චිත්රූගේ දෑස් මඳකට කඳු පන්ති අතරින් බිඳී තරුණයා දෙසට යොමු විය. ඉන් පසුව ඔහු සිටගෙන සිටි තැන වට පිටාව වෙත යොමු විය. සත්‍යයයි, ඒ භූමිය බොහෝ පිරිසිදු ය, ස්වභාවික ය. සහේල්ගේ වදන්වල සත්‍යතාව අවබෝධ වූ කළ ඈ සෙමෙනි හිස වැනුවා ය.

ඈ නැවතත් තමා සිටි ගල් පර්වතයට පහළින් වූ බදුල්ල නගරයේ සුන්දරත්වය විදින්නට විය. නයි ගියාක් මෙන් වූ ඉරි මහා මාර්ග ය. කුඩාවට පෙනුණු වහලවල් සමීපයට විශාල ගෙවල් වන්නට ඇති ය. මෙතරම් උසකට නැග බලන විට ඒවා කෙතරම් කුඩා දැයි යුවතිය සිතන්නට විය. ඉදින් මේ විශ්වය තුළ මම යනු කෙතරම් නම් කුඩා පණ කඳක් දැයි සිතමින් ඈ කල්පනාව අහවර කළා ය. ඇගේ දෑස කාර්යබහුල ය. මනස ද ඒ හා ගමන් කරවන්නට ඇයට ඕනෑ විය. නැවත දකින්නට ලැබේ දැයි විශ්වාස නැති සුන්දරත්වයක සෑම අංශුවක්ම මතකයේ තබාගන්නට ඈ සටන් කරමින් සිටියා ය. බොහෝ පහතින් මුල් ඇද තිබූ, පර්වතයේ ඈ සිටි තැනට ලං වන්නටම වැඩී තිබූ ගස් රූස්ස ය. ඒවායේ ශාක පත්‍ර දෙස පවා ඈ හොඳින් බැලුවා ය. ඒ සියල්ලකම වූයේ අසාමාන්‍ය වූ සුන්දරත්වයක් යැයි යුවතියට සිතුනා ය. ඇතැම් විට එය ඇයව වෙලා ගත් දහසක් වූ හැඟීම්වල අතුරු ප්‍රතිඵලයක් වන්නට ඇති ය.

ඈට පසෙකින් වූ ගලක් මත තවමත් මිහිදුම් වාඩිගෙන ය. මිතුරන් පැමිණියත්, දකින්නට ආශාවෙන් සිටි තරු ඇස් රැගෙන ඇය පැමිණියත් ඔහු ඒ ඉරියව්ව වෙනස් නො කළේ ය. තමා වෙත වරින් වර යොමු වූ අමුතු බැල්මක් රැඳි ඒ දෑස් දැන් ඉදිරියේ පෙනෙන දසුන මත්තේ ය. ඇයත් තත්ත්පර කිහිපයකට පෙර එකී දසුනේ කිමිද සිටියා ය. නමුදු, ඔහු දෙනයන දකින්නේ තමා දුටුවාට වෙනස් දසුනක් යැයි ඇයට සිතිවිලි පහල විය. ඒ බැල්ම වෙනස් විය. තරු ඇස් දිලිසුනේ එකී බැල්මකින් නොව. එකම දසුනක ඔහු විඳී හැගීම වෙනස් විය. ඔහු දුටු සුන්දරත්වය වෙනස් විය.

වත්සුණු || WathsunuDonde viven las historias. Descúbrelo ahora