යතුරු පැදිය මත වූ තරුණයන් දෙදෙනා හඳුනාගත් විගසින් මුරකරු විසින් විසල් යකඩ ගේට්ටුව විවිර කළේ ය. ඔවුහු නිතර ගන්නෝරුව නිවසට ආ ගිය අයවලුන් ය. ඉදින්, යතුරු පැදිය නවතත්ම නිවස තුළ සිට පිටතට පැමිණි උපුල් ගන්නෝරුවද දුටු පමාවට සිනහවකින් ඔවුන්ව පිළිගත්තේ එනිසාවෙනි.
"අප්පේ... මේ කොල්ලො දෙන්නා දැකපු කාලයක්. කොහොමද අකිල? මිහිදුම්"
"හොඳයි අංකල්. පහු ගිය ටිකේ වැඩ වැඩි වුණා. කබානා ප්ලේස් එක හදනවානෙ"
"ඔව් ඔව්, සජානා මට කිව්වා. වැඩ ටික කොහොමද? අවුලක් නෑනෙ?"
"නෑ අංකල්, ශේප් එකේ යනවා"
අකිල පිළිතුරු දුන්නේ ය.
"මොනා හරි උදව්වක් ඕනි වුණොත් මට කතා කරන්න දෙපාරක් හිතන්න එපා"
"දන්නවා අංකල්, තාත්තයි දුවයි දෙන්නාම හැමදාම මතක් කරනවානෙ"
සජානාගේ මිතුරන් ලෙසින් ඔවුන්ට විසල් අතීතයක් මේ නිවස තුළ වූයේ ය. එනිසාම මිත්‍රශීලි කතා බස් වලින් අඩුවක් නොවී ය. පැමිණි කාරණයට පැමිණෙන්නට ඉදින් මඳක් කල් ගත විය. ඒ වන විට තිදෙනාම සාලයේ සැප පහසු සෝෆාවට බරව සිටියේ ය.
"කෝ අංකල් සජා?"
"උඩ උඩ, ඔය මොකක් හරි සිංදුවක් දාගෙන අරක කනේ ගහන් ඇති. ඒක තමා බයික් එකේ සද්දෙටවත් එන්න නැත්තෙ පහලට"
"මොකද අංකල් ඔසඳගෙ ගෙදර අයගෙ තත්වෙ?"
ඔසඳ ෆර්නෑන්ඩෝ යනු සජානා සමඟ විවාහ ගිවිසගත් තරුණයායි. දින කිහිපයකට පෙර ඇය විසින්ම ප්‍රතික්ෂේප කළ තරුණයා යි. උපුල් ගන්නෝරුව මාස පහකට ප්‍රථම දිනයක ගෙනෙන මේ යෝජනාව සිය ව්‍යාපාරික සමීපතමයෙකු හරහා නිර්දේශ වූවකි.
"කතා කරලා වැඩක් නෑ. ඒ මිනිස්සු ෆියුරියස් වුණා පුතා. එක පාරම පවුලෙ එකම කොල්ලාගෙ එන්ගේජ්මන්ට් එක කැන්සල් වුණාම ඉතින් එහෙම වෙන එක සාධාරණයි. ඒ වුණාට ඉතින් මෙතන පලි දැරුවෙ නැති ටික විතරයි. අන්තිමට ඔසඳ ගියෙ මගෙ කෙල්ලටත් ඇඟිල්ල දික් කරලා"
ඒ මිතුරන් නොදත් කරුණු ය. මිහිදුම් සහ අකිල මුහුණට මුහුණ බලා ගත්තේ එනිසාවෙනි.
YOU ARE READING
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance